වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ශ්‍රී වික්‍රම නුර්තිය හෙට

නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ රචනය ඇසුරෙන් පිටපත් රචනය සහ නව නිර්මාණ අධ්‍යක්ෂණය රත්නශීලා පෙරේරා විසින් සිදුකරන ලද ශ්‍රී වික්‍රම නුර්තිය හෙට (28) එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කෙරේ. එදින උදෑසන පාසල් දර්ශන දෙකක් පැවැත්වෙන අතර මහජන දර්ශනය සවස පැවැත්වේ. ධර්මපාල පරපුර වෙනුවෙන් පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මෙය නිෂ්පාදනය කළහ. වසන්ත ගුණවර්ධන, රාජසිංහ ලෝලුවාගොඩ, ගීතා කාන්ති ජයකොඩි, රත්නශීලා පෙරේරා, ඉන්දික ලියනහේවගේ, රවීන්ද්‍ර කෝදාගොඩ සහ ජනක රණසිංහ රංගනයෙන් එක්වෙති.
සංගීතය සමීර සුබසිංහ, නිෂ්පාදන කළමනාකරණය අනුර විජේසිංහ, ආලෝකකරණය ඩබ්ලිව්. ගාමිණී, වේදිකා පරිපාලනය, මහේෂ් අමරකෝන් සහ සනත්, කලා අධ්‍යක්ෂණය, රත්නශීලා පෙරේරාගෙනි.