වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
යකා මළා
මුල්ලේරියාව නව නගරය ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගීන්ගේ මානසික සුවය පතා ආනන්දනීය සිංහල සිනමා සංසදය විසින් ඉදිරිපත් කරන ලද ‘යකා මළා’ නාට්‍යය පසුගියදා එම රංග ශාලාවේදී වේදිකා ගත කෙරිණි. මෙහිදී එම නාට්‍යය ඉදිරිපත් කරන ලද ප්‍රවීණ නාට්‍යවේදී සරත් විජේසිංහ මහතාටත් මෙම සද්කාර්යය වෙනුවෙන් අතහිත දුන් දිරිය මාතා සමාජ සේවා අධ්‍යක්ෂිකා සුනේත්‍රා ගමගේ, ධම්මිකා වික්‍රමතුංග, නිම්නා ලියනගේ, රුවන් විතාන, එච්.සෙනවිරත්න, සමරු සිහිවටන ලබාදුන් චිත්‍ර ශිල්පී සමන් රාජපක්ෂ මහත්ම මහත්මීන් ප්‍රධාන සෞඛ්‍ය විද්‍යායතයේ සැමටත් ආනන්දනීය සිංහල සිනමා සංසදයේ නිර්මාතෘ ආනන්ද ගමගේ මහතා විසින් විශේෂ කෘතවේදීත්වය පිරිනමන ලදී. එම සංසදයේ 43 වන මේ මෙහෙවරට කලාකරුවෝ රැසක්ද සහභාගි වූහ.