වීදි නාට්‍ය මාතරට

පෙබරවාරි 23, 2023

‘මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ’ වීදි නාට්‍ය කණ්ඩායම පසුගිය 10, 11, 12 දින තුළ අනුරාධපුර නගරය කේන්ද්‍ර කොටගෙන වීදි නාට්‍ය මාලාවක් පැවැත්වීය. විවිධ තේමාවන් රැගත් නාට්‍ය කිහිපයක් මේ තෙදින තුළ රංගගත කෙරිණි. මෙහි දෙවැනි අදියර හෙට සිට තෙදිනක් (24, 25, 26) මාතර නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙයි. වීදි නාට්‍ය නැරැඹීමට ප්‍රේක්ෂක ඔබට වීදි නාට්‍ය කණ්ඩායම විවෘත ආරාධනයක් කරයි.

දීප්ති වගීශා, නීල් ජයසිංහ, කමල් කුමාරසිංහ, රේණුකා දමයන්ති, ෆ්‍රැන්සිස්, උමංග වැල්ලගේ, ජානක ප්‍රසාද්, දම්මිකා හේරත්, මධුවන්ති මදුරප්පෙරුම, ශ්‍යාමා වර්ණකුලසූරිය, මාලනී විදානගේ, ප්‍රින්ස්ලි කරුණාරත්න, ප්‍රශාන්ති මාලිගවගේ, අසංකා මදුශානි, ප්‍රේමරත්න මුදලිගේ, කුමාරි විජේසූරිය, සුසන්ත ප්‍රියදර්ශන, ජීවන් සිල්වා, සමන් කුමාර, මිල්ටන් සෙබස්තියන්, නිරෝශා හේරත්, සමිත් ධනංජය, අකලංක ප්‍රසන්න, දුශාන් උමේද්, දක්ෂිණ බණ්ඩාර මද්දුමආරච්චි, නෙත්මි චන්දිමා යන අය රංගනයෙන් එකතු වෙති.