වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
‘වීර මල පිපිලා’ 28 දා
ජනවාරි 26, 2023

සුමිල ප්‍රනාන්දු නාට්‍ය නිර්මාණයක් වන ‘වීර මල පිපිලා’ වේදිකා නාට්‍යය එළැඹෙන 28 වැනි දින මරදාන ටවර් රඟහලේ දී සවස වේදිකා ගතකෙරේ. එහි සම නිෂ්පාදනය ආචාර්ය ප්‍රදීප් පෙරේරාගෙනි. සංගීත අධ්‍යක්ෂණය එස්.චිලාන් ප්‍රනාන්දුගෙනි. රංගනයෙන් ප්‍රසන්න ගලබොඩ, ප්‍රියංකා ප්‍රියදර්ශනී, විහඟ සඳරැස්, නොයෙල් ජයමහ, ඉන්ද්‍රානි ගෝමස්, උපුල් දේශප්‍රිය, දිලිනි වැලිවිටවැනිය, ආසිරි ප්‍රියංග පීරිස්, ප්‍රියංගා හේරත්, අමිල චින්තක ගමගේ, ප්‍රණීත් කෝසල, සුදර්ශන ජයසේකර, දමිත් කලංසූරිය, නිර්මාල් පෙරේරා එක්වෙති.