කෝඩුකාර නාට්‍ය උලෙළ නරඹන්න කැලණිය සරසවියට එන්න

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක
නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය -කැලණිය විශ්වවිද්‍යාලය
ජනවාරි 12, 2023

 

කෝඩුකාර නාට්‍ය උලෙළ -2023 නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිමිබ කලා අධ්‍යයන ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා සමඟ සිදු කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිමිබ කලා අධ්‍යයන ඒකකයේ නාට්‍ය හා රංග කලා ගෞරව උපාධි පාඨමාලාව ආරම්භ කර 2023 වසර වනවිට වසර 25 ක් සම්පූරණය කරයි. මෙම රජත ජයන්තිය වඩාත් උත්කර්ෂවත් අයුරින් 2023 වර්ෂය පුරා ඉසව් රැසකින් උත්සවාකාරයෙන් කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදීත්, ඉන් පරිබාහිරවත් සැමැරීමට නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිමිබ කලා අධ්‍යයන ඒකකයෙහි නාට්‍ය හා රංග කලා විෂය හදාරන වත්මන් සිසුන්ගේ ශිෂ්‍ය සංගමය වන ඒජචඤඥථඪජ ර්‍ථතචරඥපඵ අපේක්ෂා කරයි. වාර්ෂිකව සංවිධානය කළ කැලණි සරසවි කෝඩුකාර නාට්‍ය උළෙල පසුගිය වසර කිහිපයෙහි රටෙහි පැවති අස්ථාවර ‌තත්වය හේතුවෙන් පැවැත්වීමට අවස්ථාවක් උදා වූයේ නැත. නාට්‍ය හා රංගකලා උපාධි පාඨමාලාවට වසර 25 පිරීම නිමිති කොට 2023 වසර පුරා පවත්වනු ලබන වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිමිබ කලා අධ්‍යයන ඒකකයේ ඒජචඤඥථඪජ ර්‍ථතචරඥපඵ ශිෂ්‍ය සංගමයට අරමුදල් රැස්කිරීමත්, නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ විද්‍යාර්ථින්ගේ නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණවීම සහ ප්‍රායෝගිකව නාට්‍ය දර්ශන සංවිධානය පිළිබද අත්දැකීම් එම විද්‍යාර්ථින්ට ළගා කර වීමත්, වසර 25ක් අඛණ්ඩව නාට්‍ය හා රංග කලා උපාධි පාඨමාලාවේ උන්නතිය සදහා කැපවීමෙන් සිය දායකත්වය සැපයූ ආචාර්ය මණ්ඩලය ඇගයීමත්, නාට්‍ය හා රංග කලා විෂය පිළිබද ඒ් සම්බන්ධව උනන්දුවන්නන්ගේ දැනුම පෝෂණය කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රජාවෙහි රසවින්දනය දියුණු කිරීම යන අරමුණු මුල් කර ගනිමින් කෝඩුකාර නාට්‍ය උළෙල පැවැත්වේ.

ගුණාත්මක නාට්‍ය සංස්කෘතියක් දැයට දායාද කර ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් සම්භාවනාවට පාත්‍රව කැලණිය විශ්වවිද්‍යාලය වෙත ඉමහත් කීර්තියක් ගෙන දුන් ඒජචඤඥථඪජ ර්‍ථතචරඥපඵ ශිෂ්‍ය සංගමය දේශීය නාට්‍ය වංශයෙහි මුදුන්මල්කඩ ලෙස සම්භාවනාවට පාත්‍ර වන මහාචාර්ය එදිරිවීර සරච්චන්‍ද්‍රගේ සිංහබාහු නාට්‍යය ආරාධිත නාට්‍යය ලෙස මෙම නාට්‍ය උළෙලෙ හි ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එමෙන්ම විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය හතරක් සරසවි විද්‍යාර්ථින්ගේ නිර්මාණ කෞශල්‍ය ප්‍රකට කරමින් ප්‍රශස්ත නිර්මාණ ලෙස සරසවි ප්‍රේක්ෂකයා වෙතත් නාට්‍යාභිලාශි බාහිර ප්‍රෙක්ෂකයා වෙතත් සමීප කිරීමට අපේක්ෂිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව හදාරන විද්‍යාර්ථීන් විසින් නිෂ්පාදිත ගිරිෂ් කර්ණාඩ්ගේ නාග මණ්ඩල, ආතර් මිලර්ගේ ඒතත ර්ර ඵධදඵ, බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ පස් මහ බැලුම් යන නවතම නාට්‍ය තුන හා ආරාධිත නාට්‍යයක් ලෙස සිංහබාහු නාට්‍යයත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක මහතා විසින් නිෂ්පාදනය කරන ලද සො‍‍ෆර්ක්ලීස්ගේ (ඊඩිපස්) රතුවෙස් මුහුණු නාට්‍යයත් ඇතුළත්ව නාට්‍ය 5ක් ජනවාරි 09,10,11,12,13,25,26 යන දින හත තුළ කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී පෙන්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම නාට්‍ය නිෂ්පාදනවල වෘත්තීය මට්ටමේ නාට්‍ය ශිල්පින් මෙන්ම බහුතරයක් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා උපාධිය හැදෑරූ ප්‍රවීණ නාට්‍ය ශිල්පීන් සම්බන්ධ වීම විශේෂත්වයකි. එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඥානය, දැනුම,නිපුණතාවය, රසවින්දනය, හැකියාව සම්බන්ධ කතිකාවක් ඇති කිරීම මෙම නාට්‍ය උළෙල පැවැත්වීමේ තවත් එක් උත්සාහයකි.

වර්තමානයේ රට තුළ මතුව ඇති අර්බුද හමුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කෙරෙහි සමාජය තුළ ගොඩනැගී ඇත්තේ වැරදි චිත්‍රයකි. විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථීන් කිහිප දෙනෙක් විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහිම සමාජය තුළ වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගී ඇත. මේ පසුබිම තුළ මෙවැනි නාට්‍ය උළෙලවල් පැවැත්වීමෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ භූමිකාව, විශ්වවිද්‍යාල සංස්කෘතිය පිළිබඳ සුබවාදී චිත්‍රයක් ගොඩනැංවීමට හැකියාවක් ඇත. නාට්‍ය උළෙල පැවැත්වෙන දිනවල දහවල් කාලයේ දී පාසල් සිසුන් වෙනුවෙන් නාට්‍ය හා රංග කලාව සම්බන්ධව සම්මන්ත්‍රණ මාලාවක් ද පැවැත්වේ. ඒ අනුව නාට්‍ය නැරඹීමට පමණක් සීමා නොවී ඉන් එහා ගිය අධ්‍යාපනික කාර්යයක් ලෙස ද මෙම නාට්‍ය උළෙල හැදින්විය හැකිය. නාට්‍යයක් ඉදිරිපත් කිරීමෙන් මූලික වශයෙන් ප්‍රේක්ෂකයාට යම් රසයක් ලබා දීම හා තමන් ජීවත්වන සමාජය පිළිබඳ ප්‍රේක්ෂකයන්ට යම් පරිඥානයක් ලබාදීම මෙන්ම, යම් සමාජ මෙහෙවරක් ඉටු කිරීමක් සිදුවේ. ලෝකයේ අනෙක් රටවල මෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රඟපෑම නාට්‍ය අධ්‍යක්ෂණය, නාට්‍ය රචනය සම්බන්ධව වෙන වෙනම උපාධි පාඨමාලාවන් හඳුන්වා දී නොමැත. සෑම විශ්වවිද්‍යාලයකම ඇත්තේ නාට්‍ය හා රංගකලාව විෂය පිළිබඳව උපාධි පාඨමාලාවක් පමණි. එබැවින් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගැනීමට පැමිණෙන විද්‍යාර්ථීන්ට ලෝක නාට්‍ය කලාව සම්බන්ධව දැනුමක්, අවබෝධයක් නොමැතිව, අපේ රටේ ස්වතන්ත්‍ර හෝ පරිවර්තන හෝ නාට්‍ය නිෂ්පාදන කලාව දියුණු වීමක් සිදු වන්නේ නැත. ඒබැවින් ඒ් සඳහා විශ්වවිද්‍යාලයකට විශාල කාර්යභාරයක් පැවරී ඇත. මෙවැනි නාට්‍ය උළෙලවල් සංවිධානය කිරීමේ අරමුණක් වශයෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථියෙකුට වසර හතරක කාලය තුළ නාට්‍ය කලාව සම්බන්ධයෙන්, ලෝක නාට්‍ය රසවින්දනය, තාක්ෂණය සම්බන්ධයෙන්, නාට්‍ය රචනය හා රංගනය සම්බන්ධයෙන් දැනුමක් ලබාදීම දැක්විය හැකියි. එසේ නොමැතිව ස්වතන්ත්‍ර නාට්‍යකරුවෙකු බිහිකිරීමට විශ්වවිද්‍යාලයකට තනිව සිදු කළ නොහැකියි. ස්වතන්ත්‍ර නාට්‍යකරුවෙකු බිහිවීමට නම් ලංකාවේ හා ලෝකයේ නාට්‍ය කලාව සම්බන්ධව අවබෝධයක් තිබිය යුතුයි. මේ නාට්‍ය උළෙල තුළත් ලෝකයේ විශිෂ්ටතම නාට්‍යයත් පෙන්වීමට සැලසුම් කර ඇත්තේ ඒ හේතුව මතයි. මේ නාට්‍යය පහම නැරඹීමෙන් විදේශීය හා දේශිය නාට්‍ය කලාව රසවිදීමටත්, හැදෑරීමටත්, නාට්‍ය රූපණය,නාට්‍ය රචනය,නාට්‍ය තාක්ෂණය පිළිබඳව විශාල අවබෝධයක් ලබා ගත හැකියි. විශේෂයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව හැදෑරූ උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව දියුණු කිරීම උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටු කරමින් සිටියි. වසර 25ක ගමන් මග තුළ නාට්‍ය හා රංග කලාව උපාධි පාඨමාලාවේ අරමුණ, විශේෂත්වය, ඉලක්කය කුමක්ද? යන්න දැනගත හැකි හරස්කඩක් ලෙස මෙම නාට්‍ය උළෙල හැදින්විය හැකිය.

කෝඩුකාර නාට්‍ය උළෙල සංවිධානය කිරීමේ දී ඇකඩමික් ප්ලේයර්ස් විසින් ලබා දෙන දායකත්වය විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඇකඩමික් ප්ලේයර්ස් යනු කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ ශිෂ්‍ය එකමුතුවකි. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක ශිෂ්‍ය සංගමයක ක්‍රියාකාරීත්වයට ඔබ්බට ගොස් සමාජයත් සමග ගනුදෙනු කරන සුවිශේෂී කණ්ඩායමක් ලෙස ඇකඩමික් ප්ලේයර්ස් සංසදය හැඳීන්විය හැකිය. සමස්ත නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා මෙම කණඩායම විසින් දක්වන දායකත්වය විශේෂ වේ. විශ්වවිද්‍යාල නාට්‍ය කලාවේ දෙවෙනි ආරම්භය කැලණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවූ බවට බොහෝ විචාරකයන් පෙන්වා දෙයි. එමෙන්ම, සම්භාව්‍ය නාට්‍ය කලාවට ලංකාව තුළ පැවතියේ අනියත බියකි. මෙවන් පසුබිමක් තුළ සම්භාව්‍ය නාට්‍යය නිර්මාණය කිරීම සඳහා කිසිවෙකු මුල්වූයේ නැත. ඊට හේතුව වූයේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට රස විඳීමට අපහසු, වටහා ගැනීමට අපහසු ගැඹුරක් ඒ නාට්‍ය කලාව තුළ පවතින බවට මතවාදයක් පැවතීමයි. නමුත් සම්භාව්‍ය නාට්‍ය නිර්මාණය කිරීම සඳහා සමාජය තුළ පැවති අනියත බිය නැති කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව උපාධි පාඨමාලාව පුරෝගාමි විය. මෙවැනි නාට්‍ය උළෙලවල් සංවිධානය කිරීමෙන් නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා ලබා දෙන්නේ සුවිශාල දායකත්වයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා රටේ නන්දෙසින් පැමිණෙන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට අනාගත නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට සිය හැකියාවන් හා දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමටත් මෙවැනි නාට්‍ය උළෙලවල් සංවිධානය කිරීම රුකුලක් වනු නොඅනුමානය.

 

ශෂී ගමගේ

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය කැලණිය විශ්වවිද්‍යාලය

 

[email protected]