වර්ෂ 2023 ක්වූ February 06 වැනිදා Monday
එයා වගේද මෙයා මංගල දැක්ම 26දා

කලා කීර්ති දේශබන්ධු කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණය කළ 'එයා වගේද මෙයා' නවතම හාස්‍යොත්පාදක වේදිකා නාට්‍යයේ මංගල දැක්ම අප්‍රේල් 26 වැනිදා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ. රමණි ෆොන්සේකා, සනෝජා බිබිලේ, අශෝක වීරසිංහ, චින්තක පතිරණ, සුගත් ශාන්ත මොරගහකුඹුර, ශිරාන් පීරිස්, අනුරුද්ධ කලංසූරිය, සමන්ති සාගරිකා, නයනා හේමන්ති, ගාමිණි කුලසේකර, ජයනා චාමිණි සහ කීර්ති බණ්ඩර මෙහි රංගනයෙන් දායක වෙති. සංගීතය - සමීර සුබසිංහ, විදුලි ආලෝකය - සුනිල් සමරකෝන්, අංග රචනය - ගාමිණී කොස්තා, වේදිකා පරිපාලනය - චින්තක පතිරණ, නිෂ්පාදන කලමනාකරණය - අනුරුද්ධ කලංසූරිය ගෙනි. ශ්‍රී ලංකා එක්සත් කලාකරුවන්ගේ සුබ සාධක සංගමයට ආධාර පිණිස මෙය වේදිකා ගත කෙරේ.