“සඟ වෙද ගුරු ගොවි කම්කරු” අප්‍රේල් 01 වෙනිදා එල්ෆින්ස්ටන් හිදී

මාර්තු 31, 2022

 

චමිල ප්‍රියංක රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබූ සඟ වෙද ගුරු ගොවි කම්කරු වේදිකා නාට්‍යය අප්‍රේල් මස 01 වෙනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වේ.

මෙම වේදිකා නාට්‍ය කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයේ ඒකාකාරී සූරාකෑම තුළින් පීඩා විඳීන පහළ පාන්තික ජීවිතවල පැවැත්ම පාදක කරගෙන නිර්මාණය කර ඇත.

කෞශල්‍යා ප්‍රනාන්දු, නිලංක දහනායක, සංජය හෙට්ටිආරච්චි, යශෝධා රසදුනී, තිලිණ පෙරේරා, ප්‍රමෝද් එදිරිසිංහ, මයුර කාංචන, සේවියර් කනිෂ්ක, තිවංක රණසිංහ මෙම නාට්‍යයට රංගනයෙන් දායකත්වය සපයති. මෙම නාට්‍යයේ ආලෝකකරණය චන්දන අලුත්ගේ, ඇඳුම් නිර්මාණය ලක්ෂානි අමරතුංග, පසුතල නිර්මාණය කේ.වී.ඩී. අමරතුංග, සංගීත නිර්මාණය තිවංක රණසිංහ, ශබ්ද පරිපාලනය භාග්‍ය රවිශ්ක, ආලෝකරණ සහාය පසන් නලින්ද, අංග රචනය ශිරාන් ලක්ෂිත, රංග වින්‍යාසය හිරාන් අබේසේකර වන අතර වේදිකා පරිපාලනය සිදුකරනු ලබන්නේ බිම්සර ද සිල්වා සහ කසුන් රජීව විසිනි.