වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
ප්‍රේක්ෂා නාට්‍ය දැක්ම 11 වැනිදා සිට...
සුවහසක් නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ හා නාට්‍යකරුවන්ගේ ඉල්ලීම මත කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අකර්මණ්‍ය වූ නාට්‍ය ක්ෂේත්රයට ජීවයක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙවර ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය සංවිධානය කෙරේ.
ජාතික උරුම, ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය, ටවර් හෝල් රඟහල පදනම, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය ජාතික නාට්‍ය උපදේශක සභාව හා ඒකාබද්ධව ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවය - 2021 සංවිධානය කරයි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුකූලව එළැඹෙන දෙසැම්බර් මස 11 වැනිදා සිට 21 වැනිදා දක්වා පස්වරු 3.30 හා 6.30 ලෙස දිනකට දර්ශන වාර දෙක බැගින් ටවර් රඟහලේදී හා එල්ෆින්ස්ටන් රඟහලේදී නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර ඇත. නාට්‍ය ප්‍රදර්ශනය වන කාල සටහන පහත පරිදි වේ.
එල්ෆින්ස්ටන් රඟහල
දෙසැම්බර් 11 - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
දෙසැම්බර් 12 - සුබ සහ යස (සයිමන් නවගත්තේගම)
දෙසැම්බර් 13 - හුණුවටයේ කතාව (හෙන්රි ජයසේන)
දෙසැම්බර් 14 - චව්දරී (තරංග බණ්ඩාර)
දෙසැම්බර් 15 - ධවල භීෂණ (ධර්මසිරි බණ්ඩාරනායක)
දෙසැම්බර් 16 - සිහින හොරු අරන් (රාජිත දිසානායක)
දෙසැම්බර් 17 - අතරමැදියා (නිලංක නිසලාංජල)
දෙසැම්බර් 19 - බෙරහඬ (බන්දුල ජයවර්ධන)
දෙසැම්බර් 20 - අන්දරේලා (ජයලත් මනෝරත්න)
දෙසැම්බර් 21 - ඇන්ටික් කඩයක මරණයක් (අශෝක හඳගම)
ටවර් රඟහල
දෙසැම්බර් 11 - දික්තල කාලගෝල (පුණ්‍යසේන ගුණසිංහ)
දෙසැම්බර් 12 - රාජකපුරු (ජනක් ප්‍රේමලාල්)
දෙසැම්බර් 13 - නරි බෑනා (දයානන්ද ගුණවර්ධන)
දෙසැම්බර් 14 - විකෘති (සෝමලතා සුබසිංහ)
දෙසැම්බර් 15 - රාස්ස සහ පරාස්ස (රෝහණ දන්දෙණිය)
දෙසැම්බර් 16 - අද වගේ දවසක ඇන්ටිගනී (ප්‍රියංකර රත්නායක)
දෙසැම්බර් 17 - ජගන්මා (කේ.බී. හේරත්)
දෙසැම්බර් 19 - රතු මඟුල් කපුවා (අඛිල සපුමල්)
දෙසැම්බර් 20 - කැලණි පාලම (ආර්.ආර්. සමරකෝන්)
දෙසැම්බර් 21 - රජා මං වහලා (චාමික හත්ලහවත්ත)