අන්ටච්ඩ් වේදිකා නාට්‍යයට අන්තර්ජාතික සම්මානයක්

නොවැම්බර් 25, 2021

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ අන්ටච්ඩ් වේදිකා නාට්‍යය ඊජිප්තුවේ පැවැති ශාම් අල් ශේක් අන්තර්ජාතික නාට්‍ය උලේළේදී ඒකපාත්‍ර අංශයේ හොදම නාට්‍යය ලෙසින් සම්මානයට පාත්‍ර විය. ශාම් අල් ශේක් නාට්‍ය උලෙළ රටවල් 21ක සහභාගීත්වයෙන් වීදී නාට්‍ය, විශේෂිත අවකාශ නාට්‍ය, කණ්ඩායම් නාට්‍ය සහ ඒකපාත්‍ර නාට්‍ය ලෙස තරගකාරී අංශ හතරක් යටතේ පැවැත්විණි. ඒකපාත්‍ර නාට්‍ය අංශය නියෝජනය කළ අන්ටච්ඩ් නාට්‍යයට එම අංශයේ හොඳම වේදිකා නාට්‍ය වෙනුවෙන් පිරිනැමුණු මොහොමඩ් සයිෆ් අල් අෆ්කාම් නම් සම්මානය හිමි විය. ශ්‍රී ලංකා වේදිකා නාට්‍ය ඉතිහාසයේ හොඳම නාට්‍ය සඳහා මෙවැනි සම්මානයක් දිනු පළමු අවස්ථාව මෙය වේ.

අන්ටච්ඩ් නාට්‍යයේ රංගනයෙන් සුබුද්ධි ලක්මාලි දායක වන අතර, රංග වින්‍යාසය හා පසුතල එම්. සෆීර්ගෙනි. සංගීතය සාගර විජේසිංහ නිර්මාණය කළ අතර, රංගාලෝකය වසන්ත කුමාර හා සුජීව පතිනිසේකර ගෙනි. වේදිකා කළමණාකරණය නිරෝෂ්ක විරත්ත, එම් ශාරෆ් සහ එම්. සෆ්රාගෙනි. රචනය සහ අධ්‍යක්ෂණය සුජීව පතිනිසේකර ගෙනි.

- යතේජා