වර්ෂ 2022 ක්වූ August 12 වැනිදා Friday
“ආවා දේවදූතයෙක්” අන්තර් ජාතික සම්මානයට

අරකවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්‍යක්ෂිකා ජානකී හිල් විසින් නිෂ්පාදනය කළ පදනමේ නාට්‍ය ආචාර්ය සමන්ත විජේසිංහ විසින් අධ්‍යක්ෂණය කළ අතුල එදිරිසිංහ විසින් සංගීත අධ්‍යක්ෂණය කළ "ආවා දේවදූතයෙක්" ළමා චිත්‍රපටය භූතානයේ "DRUK" අන්තර් ජාතික සිනමා උලෙළේ 24 වැනි මාසික සිනමා උලෙළේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ඇත.
ඒ හොඳම ළමා චිත්‍රපටය, හොඳම සංගීතය සහ උලෙළේ විශේෂ ජූරි සම්මානය යන සම්මාන ත්‍රිත්වය වේ. මේ චිත්‍රපටය ඉදිරිපත් කිරීම අරකාවිල නර්තන හා නාට්‍ය පදනමෙන් වන අතර මෙහි රංගනයෙන් දායක වන්නේ එහි නාට්‍ය හා නර්තන කලාව හදාරන සිසු සිසුවියන් ශිල්පීන් ගුරුභවතුන් වීම විශේෂත්වයකි. මෙහි කලා අධ්‍යක්ෂණය, ඇඳුම් පැලඳුම්, නිෂ්පාදන කළමනාකරණය, සහාය ශිල්පීන් හා අනෙකුත් පරිබාහිර කටයුතු ද මෙම පදනම සිසුන් විසින්ම සිදු කර තිබේ.