හුරුපුරුදුකම සහ උපහාසය Familiarity and Parody

අගෝස්තු 5, 2021
ජසයා සහ ලෙන්චිනා

 

උපහාසයකින් එහි නියම හාස්‍යය විඳගැනීමට මෙන්ම එහි ඇති සරදම් හා සමච්චල් සහගත බව තුළ ඇති සමීප බව හෙවත් හුරු පුරුදුකට ප්‍රහසනයේදී ඉතාම වැදගත් වේ. ක්ෂණයකින් තේරුම් ගැනීමට අවබෝධ කරගැනීමට, හඳුනාගැනීමට නම් උපහාසත්මක භාවිතය හා වස්තුව නැතහොත් වචනය හුරු පුරුදු සමීප දෙයක් විය යුතුය. සරදම හා හුරු පුරුදුකම අතර ඇත්තේ සමීප සම්බන්ධයකි. ගැමි නාටකයක් හෝ ක්යෝගන් නාට්‍යයක, සැටයර් නාට්‍යයක, විදුෂක හෝ කවට චරියක ස්වරූපය හා පෙනුම ඔවුන්ගේ වචන පේ‍්‍රක්ෂකයාට දුරස්ථ නොවිය යුතුය. ක්ෂණයකින් අවබෝධ විය යුතුය. දුරවබෝධය උපහාසයක ඇති හාස්‍ය රසය හීන කරයි. සිනහවට ඇති හැකියාව දුර්වල කරයි.

අයිලේ උඩ තියලා පදවන්න.

බිල්ලට නර බිල්ලක් මම දෙන්නං

ජාම තුනට කවි තාල කියන්නං

මුදලි තුමනි ඔබේ වෙස් ගලවන්නං

බක්මහ දකුණු - දයානන්ද ගුණවර්ධන

1.යක්දෙස්සා - ඌරා විදගන්නේ කොහොමද

2.යක්දෙස්ස - දඩ මීමෙක් ඇතුව

1.යක්දෙස්සා - ඡඩ මීමෙක්

2.යක් දෙස්සා - නෑ බොලන් දඩ මීමෙක්

පළමුවැනි කවේ එන අයිලේ, නරබිල්ල, ජාම තුන, වෙස් ගැලවීම මෙන්ම දෙවැනි සංවාදයේ එන දඩ හා ඡඩ යන වදන්වලට සමීපතාවය නොමැති නම් අනන්‍යතාවය දුරස්ථ නම් කවිය හා සංවාදයේ හාස්‍ය රසය හීන වී යනු ඇත.

ඕනෑම උපහාසයක සාර්ථකත්වය රඳා පවතින්නේ උපහාසයට ලක්වන කාර්යය සිද්ධිය, වචනාර්ථය පිළිබඳව පේ‍්‍රක්ෂකයාගේ හුරු පුරුදුකම මතය. ගැමි නාට්‍යයක ශාස්තී‍්‍රය කොටස් පවතින තැන පේ්‍්‍රක්ෂක අවධානය බිඳී යන අතර හාස්‍යමය අන්තර් රංග යෙදෙන්නේ එතැන්හිය. කොහොඹා කංකාරියේ යක්කම් හෝ ගම්මඩුවල බී බන්ධනය දෑත් බන්ධනය එන්නේ බිඳ යන පේ‍්‍රක්ෂක (ආතුරයින්ගේ) අවධානය දිනා ගැනීම සඳහාය. එවන් අන්තර් රංග කොටස්වල උපහාසය මුලික ගුණයක් වේ. එහි එන උපහාසාත්මක සිද්ධි සංවාද පේ‍්‍රක්ෂකයාට සමීප වීමට හේතුව වන්නේ හුරුපුරුදු කමයි. හැම්ලට් නාටකයේ සොහොන්පල්ලාගේ දර්ශනයේ හෝ මී උගුල නම් නාට්‍යයේ Midsummer Night dreams නාට්‍යයේ කම්කරුවන්ගේ නාට්‍ය රංගයේ ආකර්ෂණයට හේතුªව වන්නේ එවායේ ඇති හුරු පුරුදු කමයි. (Familiarity) සරච්චන්ද්‍රයන්ගේ වෙල්ලවැහුම්, එලොව ගිහින් මෙලොව ආවා, මහාසාර, රත්තං ආදි නාට්‍යකවල කථාන්තර පේ‍්‍රක්ෂකයාට හුරු පුරුදුය. එබැවින් ඒවායේ එන ගැමි ජනශ්‍රැති භාවිතයන් ද අපට සමීපය. මේ සමීපතාවය අප ඒ නාට්‍යවලට සමීපම කරන්නේය. හෙන්රි ජයසේනගේ කුවේණි, හුණුවටයේ කථාව දයානන්ද ගුණවර්ධනගේ ජසයා සහ ලෙන්චිනා ගේ නරිබෑනා නාටකවල කතන්දර හා සිද්ධි මෙන්ම ඒවායේ එන කවි ගී ඒවායේ තාල පේ්‍්‍රක්ෂකයාට හුරු පුරුදු සමීප ඒවාය. මේ හුරුපුරුදු බවම ඒවා රසවින්දනයට ඇති වුවමනාව වැඩි කරයි. ඒවායේ එන සරදම් හා සමච්චල්වල ඇති හුරු පුරුදු කමම ඒවා වින්දනයට ඇති හැකියාව ලිහිල් කරයි.

ඇත්ත වශයෙන්ම උපහාසත්මක නාට්‍ය, කවි ගීත, චිත්‍රපට, නවකථා ජනපි‍්‍රය වීමට හේතුව පේ‍්‍රක්ෂකයන්ට බුද්ධිමත් හොඳින් කියවන ලද හෝ විහිළුව, කවටකම, සරදම ඇතිවන ආකාරයයි. ඔවුන්ගේ රැඟුමක සංවාදයක හැසිරීමක විකට බලපෑම රඳා පවතින්නේ පේ‍්‍ර්ක්ෂකයා වෙත කරන සංස්කෘතික යොමුකිරීම ඔහු විසින් අවබෝධ කරගැනීම මතය. ලංකාවේ ගැමි නාට්‍යයට නිතර විෂයය වුයේ ගැමි ජනතාවට සමීප වූ චූල්ලධනුද්ධර, කුස, ආදි ජාතික කථාවන්ය. මේවා කෝලම්වලට ද නාඩගම්වලට ද නූතන නාට්‍යයට ද මුලාශ්‍ර විය. ලෝකයේ වැඩිම වාර ගණනක් ලංකවේද වැඩිම වාර ගණනක් නිෂ්පාදනය වී ඇති චෙකොව් ගේ ‘පරස්ථාව‘ඉතාමත් ජනපි‍්‍රය හා වැඩිම වාරගණනක් නිෂ්පාදනයට හේතුව වනුයේ එහි එන චරිත හා ඔවුන්ගේ දුර්වලතා ඔවුන්ගේ ගැටුමට මුලික වන සංසිද්ධි, ඔවුන්ගේ හැසිරීම් ලොව ඕනෑම රටක සංස්කෘතික ජිවිතයට ඇති සමීපතාවයත් එම චරිත හා සිද්ධි වල සංස්කෘතික යොමුව ලෙහෙසියෙන් අවබෝධ වීම හා හුරුපුරුදුකමත් මතය.

ප්‍රහසනයේ විකාශය හා ප්‍රභේද

ශොකෝත්පාදකයට හා සුඛෝත්පාදකයට පරිබාහිරව එහි මතුපිට අංගයන් උකහා ගත් චූල නාට්‍ය වර්ග ගණනාවක් පෙරදිග ද අපරදිග ද නාට්‍ය කලාව අවබෝධයේ දී හඳුනාගත හැකිය. ප්‍රහසනය යන වචනය නූතන භාවිතයක් වූවද එහි අංගෝපාංග වර්ධනය වනුයේ සියවස් ගණනාවකට පෙරය. පෙරදිග ද අපරදිග ද වර්ධනය වූ විනෝදාස්වාදය මුඛ්‍ය කරගත් බාහිර අංගොපාංගවලින් සමන්විත මනුෂ්‍ය ජීවිතයේ භෞතික ජීවිතය විෂයය කොටගත් සරල, සැහැල්ලු හාස්‍ය මුල් කොටගත් ප්‍රහසනයන් හි ආරම්භය විදග්ධ නාට්‍ය කලාවටත් වඩා පැරණි විය හැකිය. ක්‍රමිකව විකාශය වූ විමෝදාත්මක අවශ්‍යතාවයම පෙරටු කරගත් චූල හාස්‍ය නාට්‍ය ප්‍රභේද පොදුවේ ප්‍රහසන ලෙස හැදින්වෙන අතර නුතනයේදී ප්‍රහසනය වෙනමම නාට්‍ය ප්‍රභේදයක් ලෙස ද වර්ග කෙරේ. ප්‍රහසනය වෙනම ප්‍රභේදයක් ලෙස ද ප්‍රහසනයේ පෙරදිග අපරදිග ප්‍රභේද වෙන් වෙන්ව ද විග්‍රහ කිරීම ඉදිරි පියවර වනු ඇත. ප්‍රහසනයේ ප්‍රභේද විග්‍රහ කිරීමේ දී ඉතා වැදගත් සටහන නම් මේ සියලු නාට්‍ය ප්‍රභේදයන් හි ඇත්තේ ප්‍රහසන අංගෝපාංග බවයි.

 

සැටර්

ප්‍රහසනයේ මුල්ම ස්වරූපය පහළ වනුයේ සැටර් නාට්‍ය හා පශ්චාත් ශි‍්‍රක සුඛෝත්පාදක නාට්‍යවලය. පශ්චාත් ශි‍්‍රක සොඛෝත්පාදක රචකයෙකු වූ මිනැන්ඩර් එහි ලා පුරෝගාමියෙකු විය. එසේම ශෝකෝත්පාදක නාට්‍ය කිහිපයක් අතර තුර රඟ දැක් වූ (Interlude) සැටර් නාට්‍ය රචනා වුයේ ශෝකෝත්පාදක රචකයන් අතිනි. ක්‍රි.පු.5වැනි සියවසේ දී ශි‍්‍රක නාට්‍ය උලෙළට නාට්‍ය ඉදිරිපත් කරන සෑම නාට්‍යකරුවෙක්ම ශොකෝත්පාදක (tragedy)  නාට්‍ය තුනක් සමඟ එක් සැටර් නාට්‍යයක් ඉදිරිපත් කළ යුතු විය. සැටර් නාට්‍යය ද ශි‍්‍රක නාට්‍ය උලෙළේ එක් අංගයක් විය. ශෝකෝත්පාදක නාට්‍ය අතරමැද රඟදක්වනු ලබන සැටර් නාට්‍යවල රඟනු ලැබුයේ ද ශෝකෝත්පාදක නළුවන්මය. හාස්‍යජනක ශි‍්‍රක පුරාණෝක්ති සැටර් නාට්‍යවලට මුලාශ්‍ර විය. සුඛෝපාදක නාට්‍ය මෙන් සමකාලීන කථා වස්තු සැටර් නාට්‍යයට වස්තු විෂය නොවීය. සැටර් නාට්‍යවලට බොහෝ විට ගායන වෘන්දය වුයේ අර්ධ මනුෂ්‍ය - අශ්ව හෝ අර්ධ මනුෂ්‍ය - එළ පිරිසකි. අර්ධ සත්ව - මනුෂ්‍ය වූ අද්භූත සත්ත්ව කොටස් පිළිබඳ හාස්‍යාත්මක පුරාණෝක්ති සැටර් නාට්‍ය සඳහා විෂයය වීම ඊට හේතුවයි.

ශෝකෝත්පාදක නාට්‍ය ත්‍රිත්වයක් දියෝනිසස් නාට්‍ය උත්සවයේදී රඟදැක්වීමෙන් අතර තුර ඇති මැදි අවස්ථාවේදී සැටර් නාට්‍යයක් (Sativic drama)  රඟදැක්වීමට උත්සවයේ (City Dionysia)   චාරිත්‍රයක් විය. ශෝකාත්පාදක නාට්‍ය ත්‍රිත්වයක් විසින් පේ‍්‍රක්ෂකාගාරයේ මනස තුළ ඇති කරන දැඩි ආතතිය (Stressful Emotion)සැහැල්ලු කරන විනෝදාත්මක ආස්වාදයක් ජනිත කිරිම සැටර් නාට්‍ය රඟදැක්වීමේ අරමුණ විය. පැරණි ශි‍්‍රක සැටර් නාට්‍ය අතරින් දැනට පුර්ණ වශයෙන් ඉතිරිව ඇත්තේ යුරිපිඩිස්ගේ ‘එකැස් යෝධයෝ සහ සොෆොක්ලිස්ගේ අඩිපාරේ යන්නේ පමණි. ඇපලෝ දෙවියා විසින් ඔහුගෙන් සොරකම් කොටගත් ගවරැලක් සොයා හර්මිස් නම් දෙවිියාගේ වාස භූමියට යන ගමන පිළිබඳ පුරාණොක්තිය මෙයට වස්තු බිජය විය.

සැටර් නාට්‍යයේ කෝරසයේ බොහෝවිට නායකත්ව ගත්තේ පැරණි සෙලිමෝස්වරුය (Old Seilenos) ඔවුන් දියොනිසස් දෙවියන්ගේ සහහකයින් පිරිසකි. (Companion of Dionysins)  ඔවුන්ගේ ඇඳුම් මෝස්තරය ද දෙවියන්ගේ සහයකයින් පිළිබඳ මෙන්ම දෙවියන්ගේ දිව්‍යමය බලය පිළිබඳව ප්‍රකාශනයකි.


සැටර් නාටකවල ආකෘතිය ශෝකාත්පාදක ආකෘතියට සමීපය. ශෝකොත්පාදක රචකයින්ටම සැටර් නාට්‍ය ලිවිමට සිදුවීම ඊට හේතුවක් වන්නට ඇත. එහෙත් ශෝකාත්පාදකයට වඩා කෙටි හා සැහැල්ලු රචනාවන් වේ. ශෝකෝත්පාදකයේ මෙන් කෝරසයට පැමිණීම හෝ පිටවීමට) Enter or Exit) නිශ්චිත ආකෘතියක් නොමැත. ශෝකෝත්පාදක විෂයයට සමීප කථා තේමාවන් සැටර් නාටකවලට විෂයය විය. වීරයාගේ නැතහොත් කථා නායකයාගේ කඩා වැටීමක් සිදු නොවේ. දිව්‍යමය චරිත (Divine Children)  නාට්‍යවල කැපි පෙනෙයි. සැටර් නාට්‍ය වඩාත් සමීප වන්නේ ශෝකෝත්පාදක හෝ සුඛෝත්පාදක නාට්‍යවලට වඩ ප්‍රාතිහාර්ය නාට්‍ය ගණයටය. විචාරක මතය නම් මධ්‍යකාලීන යුගයේ හමුවන මිස්ට්‍රි නාටක (Mystery Play)   වල පැරණිතම ස්වරූපය සැටර් නාට්‍ය බවයි.


සැටර් නාටකවල දක්නට ඇත්තේ නළුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණි. කෝරසය දොළොස්දෙනෙකුගෙන් සමන්විත විය. ඇඳුම් පැලඳුම් සිලෙනොයි (Silenoi) වරු හෙවත් දියොනිසස්ගේ සහයකයන්ට සමාන වේ. ඉචබරපඵ යනු එළු මිනිසුන් යන අර්ථය goat man)  දෙන අතර ඔවුන්ගේ වස්ත්‍ර එළු සමින් කරන ලද්දකි. කෙටි කලිසම් හා මෘදු ආර්ථික සපත්තු කෝරසය පැලඳ සිටි. කෝරස නායකයා රඟන්නේ සිලෙනොස් (Silenos) ලෙස වෙස් වලාගෙනය. ඔහු සම්ප්‍රදායික වීමෙන් මත්වුවෙකු මෙන් පෙනී සිටියි. සත්ත්ව හමින් කළ විශාල ඇඳුමක් ඇඟලා සිටියි වයින් හා නර්තනය සැටර් නාට්‍යයේ කොටසකි. කෙසේ වුව සමස්ත සැටර් නාට්‍යයක ඇත්තේ ශෝකෝත්පාදකයක, සුඛෝපාදකයක හෝ අපචාර විසින් ඉක්මවා ගිය උපහාසයකි. නර්තනය බොහෝවිට චරිතාංග නර්තනයකි. (Characteristics dance) ඒවා පේ‍්‍රක්ෂකයාට හුරු පුරුදු චලන (නර්තන) සහිතය. ප්‍රකාශනාත්මක හැඩතල සහිත නර්තනය සංදර්ශනාත්මක හා ලිංගිකත්වය ප්‍රකාශ කෙරෙන චලන සහිතය. පාද චලන(Kicking)    පැනීම(leaping)  ඉක්මන් (Slaping) කරකැවීම් (Whirling) චලන බහුල නර්තන විලාසයන් සැටර් නාටකවල බහුලය. පරීක්ෂාකාරී ලෙස යමක් සොයන ආකාරය දැක්වෙන(Peering)  බස්සෙකුගේ චලන සහිත බවක් පෙන්වන බැවින් සැටර් නාටකවල නර්තනය ‘‘Owe dance’  ’ විලාසයකට සමාන වී යැයි විචාරක මතයකි.


සැටර් නාට්‍ය ශි‍්‍රසියේ ආරම්භ වූවද එය උපහාස නාට්‍ය නැතහොත් ප්‍රහසන නාට්‍යයේ අපරදිග ආරම්භය ලෙස සැලකිය හැකිය. එය පිළිබඳ අවධානය රෝම නාට්‍ය කලාවට ද නූතන නාට්‍ය කලාවට ද බලපා ඇති බව පෙනේ. ආගමික නාට්‍ය ප්‍රවණතාවයක් වන මිස්ටරි නාට්‍යකය ද ඊට සමීප බවක් පෙන්වයි.

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය අනුව ලියැවෙන ලිපි මාලාවක්