වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
මිදුණු විශ්වය වැඩ අරභයි
ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමාපටයේ වැඩ කටයුතු පසුගිය දින ඇරඹිණි.ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදිය.මිදුණු විශ්වය ලෙස සිනමාවට ගෙන එන නවතම සිනමා පටය සදහා රුවන් ජයසිංහ නිෂ්පාදනයෙන් දායකවේ.
අගෝස්තු 05 දින රුප ගත කිරිම් අරභන මෙහි ශ්‍රියන්ත මෙන්ඩ්ස්,උද්දික ප්‍රේමරත්න,උදාරි වර්ණකුලසුරිය,බුද්ධික ජයරත්න,කුසුම් රේණු,චුලක්ෂි රණතුංග,රංගනයෙන් එක්වේයි.නිමල් ෆැන්සිස් සහය අධ්‍යක්ෂණයෙන්ද,කැමරාකරණය සහ සංස්කරණය ප්රවිණ් ජයරත්න,නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද,කුෂාණි සඳරේකා ,දමිතා අබේරත්න,සහ ලෙස්ලි තෝමස් ගීත ගායනයෙන් එක්වේ.ඉන්දික උදාර ලංකා අංග රචනයෙන් ද,පියතිස්ස අකුරම්බොඩ කලා අධ්‍යක්ෂණයෙන්ද දායකවේ.තිර රචනය,ගීත රචනයද ජයන්ත චන්ද්‍රසිරි ගෙනි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න