වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
ජැක්සන් ගේ එක ගෙයි රහස එළිවෙයි
රහසක් ලෙස සඟවාගෙන සිටි ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා පටය ‘එක ගෙයි සොකරි‘ මාධ්‍යයට මුදාහැරිම ඊයේ බත්තරමුල්ල අපේ ගම පරිශ්රයදි සිදුකෙරිණි. ඌව පළාතේ ඇකිරියන් කුඹුර ගම මුල් කර ගනිමින් 2018 අගෝස්තු මාසයේ රුප ගතකළ ‘එක ගෙයි සොකරි‘ රුපමය අත්දැකිම් ගෙන හැර දක්වමින් මාධ්‍යයට නවතම මුහුණුවරක් ගෙන ආවේය. බුලත් හුරුලු දී ජැක්සන් විසින් මහාචාර්ය සුනිල් අරියරත්නයන් ගුරු භක්ති ප්‍රණාමයෙන් පුදනු ලැබිම විශේෂත්වයකි.1800 වර්ෂයේ ඇකිරියන් කුඹුර ගමේ සොකරි පිළිබඳව එංගලන්තයෙන් ගෙනා සත්‍ය තොරතුරු මුලාශ්‍ර කොටගනිමින් මෙම කතා පුවත ගොඩ නඟා ඇති බව අධ්‍යක්ෂකවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සදහන් කළේය. එයට සම්බන්ධ වුණු නළු නිළි කැල හදුන්වා දිම ද, තිරයේ පිටුපස සිට විශාල කැප කිරිමක් කළ සියලු දෙනා ඇගයීමද මේදින සිදුකළ අතර සිනමා පටයට සම්බන්ධ වුණු සියලු දෙනා සුර්ය නමස්කාර ගායනා කිරිමෙන් හා සමුහ ඡායාරුපයකට පෙනි සිටිමින් ‘ඒක ගෙයි සොකරි‘ මාධ්‍ය මෙහවර අවසන් විය. මේ එහි විශේෂ අවස්ථා සරසවිය කැමරා ඇස රුන්දූ අයුරුයි.
සටහන-සේයාරූ-නිශ්ශංක විජේරත්න