වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
රොෂාන්-චුලක්ෂි එක්කොට සුනිල් හා සුනිල් ලොක්ඩවුන් අරඹති
රොෂාන් රණවණ හා චූලක්ෂී රණතුංග එක්කොට තැනෙන ලොක්ඩවුන් නම් අලුත් චිත්‍රපටයේ වැඩකටයුතු පසුගිය දා එස්.එස්.සී. ක්‍රීඩා සමාජ ශාලාවේදී ඇරඹිණි. එය සුනිල් ටී ප්‍රනාන්දුගේ 74 වැනි සිනමා නිෂ්පාදනය වන අතර තිර රචනය හා අධ්‍යක්ෂණය සුනිල් පේ්රමරත්නගෙනි.
කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය සිසිකිරණ පරණවිතාන, සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික්‍රමතුංග, කලා අධ්‍යක්ෂණය උපාලි දයාසිරි සමඟ කීර්ති ඩී රාහුබද්ධ, වේශ නිරූපණය ප්‍රියන්ත ඊශ්වර, සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක, විධායක නිෂ්පාදනය ලංකා ධර්මවික්‍රම සිදු කර ඇත.
කුමාර තිරමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනි, ධනංජී තාරුකා, කුසල් මධුසංක, සහන් විජේසිංහ, කුමාර වදුරැස්ස, රජිත රොද්‍රිගු, උදේ කුමාරි, මනීෂා නාමල්ගම, කීර්ති රංජීත්, රාධිකා ගුණවර්ධන, ජයරත්න ගලගෙදර, උපුල් නිශාන්ත, අස්ලී ලියානා (ළමා නිළි), රංගනයෙන් එක්වෙති.
ලොක්ඩවුන් සිනමා පටය ඉ3 ර්ධමඪඥ ක්‍රියේෂන් වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු, සංගීත අල්ගම, නීල් සංජීව එක්ව නිෂ්පාදනය කරන්නකි. එහි මාධ්‍ය සම්බන්ධීකරණය උපුල් නිශාන්තගෙනි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න