වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
කතානාද සිනමාවට වසර 75ක් ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සැමරු අයුරු.
ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 75ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරිම නිමිත්තෙන් පවත්වනු ලැබු සැමරුම් උළෙල පසුගිය දින තරංගනි සිනමා ශාලාවේදි පැවැත්විය. ඒ ගරු අග්‍රාමාත්‍ය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපේරුම,පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණපාල රත්නසේකර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස , ආචාර්ය සුමිත්‍රා පිරිස් ඇතුලු සිනමා ක්ෂේත්රයේ සුවිශේෂි කලා ශිල්පින්ගේ සහභාගිත්වයෙන් පැවත්විණි. මේහිදි සිංහල සිනමාව වෙනුවෙන් කළ මෙහවර උදෙසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ආචාර්ය සුමිත්‍රා පිරිස් වෙත ගෞරව සම්මානයක් හා චිත්‍රපට සංස්ථාවේ සිනමා ඩ්ප්ලොමාව ලැබු නිර්මාණකරණයට පිවිසි අන්තර්ජාතික ඇගයිමට ලක් වු අධ්යක්ෂවරුන් අට දෙනකුට සම්මාන පිරිනැමිණි. ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරිම මුල්කරගෙන මුල්දින විශේෂ සමරු කවරයක් හා මුද්දරයක් එළිදැක්විම සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 25 දෙනකුගේ අභිවෘද්ධිය සදහා විශ්‍රාම වැටුප් පිරි නැමිමය. මෙයට සමගාමිව ප්‍රකට සිනමා රචකයකු වු ආතර් යු. අමරසේනගේ සිංහලයේ මහා සිනමා වංශය දෙවැනි කොටස එළිදැක්විම, චිත්‍රපට සඟරාවේ විශේෂ කලාපය ජනග කිරිමද සිදුකෙරිණි.
සටහන -සේයාරු- නිශ්ශංක විජේරත්න