වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
නිළියක් නම් ඕන අභියෝගයකට මුහුණ දිය යුතුයි...
නව පරපුරේ ටෙලි නාට්‍යය රංගන ශිල්පිනි රේණුකා මුණසිංහ නමින් ඔබ කවුරුත් හදුනනවා ඇති.කුඩලිගම මධ්‍ය මහා විදුහලින් සිප් සතර හැදැරු ඇය පාසල් කාලය නිමා කොට රුපලාවන්‍ය කේෂ්ත්‍රය තොරාගත්තාය. රෝස මල් කැලේ ටෙලි සිතුවමින් පසු මේ දිනවල ඇය සිය නවතම ටෙලි නාට්‍යයේ රැ ගැන්විම් කටයුතුවල නිරතවන්නිය. මීගමුවේ පදිංචි වි සිටින රේණු පසුගිය දිනක සරසවියට පැමීණියාය.ඒ සරසවිය වෙබ් අඩවියට ඇගේ සොඳුරු ඡයාරුප පෙළක් ගෙන ඒමටයි. . ඔබේ නවතම නිර්මාණවලට රේණු දායක කර ගැනිමට ඇගේ මුහුණු පොත ඔස්සේ අවස්ථාව ඇති බව ඇය පැවසුවේය.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න