වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
17 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙල
විවිධ කලා ක්ෂේත්රයන්හි නියැළි ශිල්පීන්ගේ නිර්මාණ කුසලතා ඇගැයීම මඟින් වඩාත් ඉහළ නිර්මාණශීලී හා ගුණාත්මක නිර්මාණ බිහිකිරීම උනන්දු කරවීම සදහා දේශීය හා අන්තර්ජාතික මට්ටමින් සම්මාන උලෙළ රාශියක් පැවැත්වේ. 1964 මැයි මස 9 වැනි දින පැවැති සරසවිය සිනමා සම්මාන උළෙල ශ්‍රී ලාංකික අපේ කුලුඳුල් දේශීය සම්මාන අත්දැකීම වූ අතර, පසුකාලීනව රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික සමාගම් විසින් සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළ රැසක් එක්කළ අතර ඉන් සමහර උලෙළ වල් මේ වන විට නොපැවැත්වෙන අතර තවත් සමහර උලෙළ වරින් වර පැවැත්වෙන බව දැකිය හැකිය.
2020 - 21 සඳහා වන රයිගම් ටෙලීස් උළෙල ඒකාබද්ධව 17වැනි රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානය ‘රයිගම් ටෙලීස් 2020 - 2021’ ලෙස පැවැත්වෙන බව දක්වමින් පසුගිය දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මාධ්‍ය දැනුවත් කිරීම සිදුකෙරිණි.
මේ සඳහා ද කිංඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවි ලියනගේ, එහි කළමනාකාර අධ්යක්ෂ කිශාන් තියෝඩර්, විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති, සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවිකරන තැන්පතු ප්‍රවර්ධන හා ඩිජිටල් කළමනාකරණය තාරක රන්වල, මොබිටෙල් ආයතන නියෝජනය කරමින් එහි ප්‍රධාන සේවා නිලධාරී ෂං වෝං මහත්වරු සහභාගි වූහ.
සම්මාන ප්රදානය සඳහා 2020 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගෙන විනිශ්චය කටයුතු නිමාකර ඇත. 2021 සඳහා වූ විකාශනය නිමකළ ටෙලිනාට්‍ය හා වෙනත් නිර්මාණ සඳහා වන අයදුම්පත් භාර ගැනීම 2021.12.21 දින සිට ආරම්භ කර ඇත. මේ සදහා අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2022 ජනවාරි 15 වැනිදාය.
මෙයට සමගාමීව පවත්වනු ලබන නිර්දේශිත නාම උත්කර්ෂණ උලෙළ 2022 පෙබරවාරි 25 වැනි දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ.
සම්මාන සඳහා නිර්දේශයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ අයුදුම්පත් භාරගැනීම පිළිබද ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමෙනි. උලෙළ සඳහා ඉදිරිපත් කරන සියලුම නිර්මාණ අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ යම් නාලිකාවක් විකාශය වු බවට එම නාලිකාව විසින් තහවුරු කර තිබිය යුතුය. නැවත විකාශයන් සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි රූපවාහිනී නාලිකා මේ සඳහා සුදුසුකම් නොලබයි.
ජයග්‍රාහකයින් තෝරාගැනීම
උලෙළ සඳහා ඉදිරිපත්වන සියලු නිර්මාණ නිපුණ හා ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව ක්ෂේත්රයේ විද්වතුන්ගෙන්, කලාකරුවන්ගෙන් සහ විචාරකයන්ගෙන් සමන්විත වන පරිදි පරිණත විනිශ්චය මණ්ඩලයක් පත් කර ඇත.
2020 - 2021 රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය වනුයේ බුද්ධදාස ගලප්පත්ති - සභාපති/ටෙලිනාට්‍ය අනුකමිටු ප්‍රධානි, මහාචාර්ය අජන්තා හපුආරච්චි - මාධ්‍ය වැඩසටහන් අනුකමිටු ප්‍රධානී, ජයනාත් ගුණවර්ධන - සාමාජික, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි - රවීන්ද්‍ර ගුරුගේ - සාමාජික, හංසමාලා රිටිගහපොල - රංග දසනායක , අරුණ ගුණරත්න , ගුණසිරි සිල්වා යන අයවන අතර, අබ්දුල් හමීඩ් විසින් - ද්‍රවිඩ මාධ්‍ය අංශය නියෝජනය කෙරේ.
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය, ටෙලිනාට්‍ය නළුවා සහ නිළිය ප්‍රේක්ෂක මනාපයෙන් තෝරා පත්කරගන්නා අතර වඩාත්ම ජනගත ටෙලිනාට්‍යය, රුපවාහිනී වැඩසටන සහ ප්රවෘත්ති විකාශය ප්‍රසිද්ධ කරන ලද දත්ත මත තාර්කික පදනමකට තිරණය කරනු ලැබේ. විශේෂ ප්රණාම සම්මාන සඳහා වන නිර්දේශ විශේෂ උපදේශක සභාවක් මඟින් සිදු කෙරේ.
මෙවර සම්මාන උලෙළේදී වඩාත් ජනගත ටෙලිනාට්‍යය, රූපවාහිනී වැඩසටහන සහ රූපවාහිනී ප්රවෘත්ති විකාශය නමින් නව සම්මාන කුලකයක් හදුන්වා දී ඇත. වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා සහ නිළිය පාඨක මනාපය අනුව තීරණය කළද ඒවා ජනතාව අතර වඩාත් මුල්බැසගත් නිර්මාණ නොවන්නට ඉඩ ඇත. මෙම නව සම්මාන කුලකයෙන් උත්සාහ දරන්නේ ප්‍රසිද්ධ කරන ලද දත්ත උපයෝගි කරගෙන යම් සංඛ්‍යාත විද්‍යාත්මක පදනමකට වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන් සමුච්චය තීරණය කිරීමයි. මෙය ශ්‍රී ලංකාවේ ටෙලි සම්මාන සංස්කෘතියේ නව ප්‍රවණතාවක් වනු ඇත.
සම්මාන කුලක හතක් සහිකව වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ ප්‍රධාන උලෙළයන් දෙකකින් සමන්විත වේ. ඒ නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල සහ අවසාන සම්මාන රාත්‍රියයි.
සම්මාන කුලක
රයිගම් ටෙලීස්, ටෙලිවිෂන් මාධ්‍යයේ සියලු අංශ ආවරණය කරයි. ඊට ටෙලි නාට්‍ය මෙන්ම ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්රවෘත්ති, වාර්තා, රියැලිටි සහ වෙනත් විවිධ වැඩසටහන් සහ තාක්ෂණ අංශ ඇතුළත්ය. එමෙන්ම රයිගම් ටෙලීස් වෙතින් සම්මානයක් ප්රදානය කරන්නේ ජාතික මට්ටමින් සලකා බැලිය හැකි කුසලතා සඳහා පමණි. ඒ සඳහා රයිගම් ටෙලීස් අනුගමනය කරන ක්‍රමවේදයක් ඇත.
මෙවර සම්මාන පිරිනමනු ලබන්නේ ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනී මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන.
ජනප්‍රිය සම්මාන සඳහා මනාප ප්‍රකාශ කිරීම පහසු කිරීම සඳහාත් උලෙළ පිළිබඳ යාවත්කාලීන තොරතුරු නොපමාව නිකුත් කිරීම සඳහාත් Raigam Tele’es නමින් ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) ද ක්‍රියාත්මක වේ. මෙම යෙදවුම Play Stor හරහා බාගත කර ගත හැකිය. 2022 පෙබරවාරි මස 25 දින සිට 2022 මාර්තු මස 25 දින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම් විවෘතව පවතී. SMS යොමු කළ යුතු දුරකථන අංක ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ඇත.
ජනගත සම්මාන කුලකය
මෙවර සම්මාන උලෙළ සඳහා අලුතෙන් හඳුන්වා දුන් සම්මාන කුලකයකි. ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටන් අතුරෙන් වඩාත් ජනගත වූ ටෙලිනාට්‍යය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්රවෘත්ති විකාශය සමීක්ෂණ දත්ත සහ නැරඹුම්වාර පදනම් කරගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව තීරණය කරනු ඇත.
ප්රණාම සම්මාන, රූපවාහිනී නාලිකා ඇගැයීම, කලාකරුවන්ට පිදෙන දහසින් බැඳි පියලි, සම්මානලාභීන්ට ඉහළම වටිනාකමකින් යුත් තිලිණ රයිගම් ටෙලීස් උලෙළදි ප්රදානය කෙරේ.
මේ යටතේ සම්මාන ජයග්‍රහණය කළ ද නොකළ ද සියලුම නිර්දේශ ලාභීන් සඳහා වර්ෂක කාලයක් සදහා රුපියල් ලක්ෂයක වෛද්‍ය රක්ෂණයක් සමඟ රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් තිළිණ කරන කෙරේ. මෙවරද සියලු නිර්දේශලාභීන්ට හිමි වන වරප්‍රසාදවලට අමතරව, රයිගම් ටෙලීස් උලේළේ සම්මාන ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 30ක් ඉක්මවන මුදල් ත්‍යාග පිරිනැමේ.
උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන නිර්මාණ මෙසේය.
1. ටෙලි නාට්‍ය - 2021 වර්ෂය තුළදී අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලිනාට්‍ය.
2. වෙනත් නිර්මාණ - 2021 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී තිබිය යුතුය. නැවත විකාශයනය කළ නිර්මාණ සලකා නොබැලේ.
3. කේබල් රූපවාහිනි සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාලිකාවල පමණක් විකාශය වු නිර්මාණ සහ හඬකැවීම් ඇතුළු කිසිදු විදේශ නිර්මාණයක් (හඬකැවීමේ වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර) මෙම උලෙළ සඳහා සුදුසුකම් නොලබයි.
4. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාළ නාලිකාව මගින් හෝ තනිව අයුදුම් කළ හැකිය.
5. ප්රවෘත්ති නිවේදක සහ සම්ප්‍රවේශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා නැවත අයදුම් කළ හැක්කේ වසර 03ක් ගතවීමෙන් අනතුරුවය.
අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම
උලෙළ සඳහා ඉදිරිපත් කරන නිර්මාණ නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත්‍රයක් ද සමඟ යොමු කළ යුතුවන අතර අයදුම්පත් තම නාලිකාවලින්, පහත සදහන් දුරකථන අංක ඇමතීමෙන් හෝ www.rigamtelees.lk පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය.
රයිගම් ටෙලීස් 2021 උලෙළ සඳහා අයදුම්පත් හා නිර්මාණ භාාරගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය 2022 ජනවාරි මස 15 වන දිනෙන් අවසන් වේ. මෙවර සම්මාන උළෙල සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන් වැඩිදුර තොරතුරු සඳහා 0707061508 හෝ 0707061602 අංක මඟින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතා නිර්මාණ භාරදිය හැකිය.
දු. ක. 0114886777, 0114886888
ඊමේල් [email protected] / [email protected]
සටහන සහ ඡායාරූප - නිශ්ශංක විජේරත්න