වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
වාර්ෂික කිතුනු කලාකරු හමුව දා
වාර්ෂිකව සංවිධානය වන කිතුණු කලාකරුවන්ගේ සුහද හමුව මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා කොළඹ අගරදගුරු මැදුරු පරිශ්‍රයේදී පැවැත්විණ. ඒ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කිතුනු කලාකරුවෝ රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ.
මෙහිදී ලියෝනි කොතලාවල සහ ෂෙල්ටන් මුතුනමගේ යන කලාකරුවන්ට අගරදගුරුතුමන් අතින් මූල්‍යමය ත්‍යාගයන් පිරිනැමිණ. කිතුනු කලාකරුවන්ගේ සුහද හමුව මෙවර පැවැත් වූයේ නව වැනි වරටය. කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමන් සමඟ විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් විසින් මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.
ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න