වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
රයිගම් ටෙලිස් නිදහසේ 16 ය 21 දා
දිවයිනේ ප්‍රමුඛතම ටෙලිනාට්‍ය සම්මාන උලෙළක් වන රයිගම් ටෙලි සම්මාන උළෙල 2020 එළඹෙන 21 වැනිදා කොළඹ නෙළුම් පොකුන රඟහලේදී පැවැත්වේ.එයට සමගාමීව පවත්වනු ලබන නිර්දේශිත නාම එළි දැක්වීමේ උලෙළ පසුගිය දින කින්ස්බරි හෝටලයේදී පැවැත්විණ. එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් වූයේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිර් හා මල්කාන්ති නන්දසිරි යුවලය.සම්මානයන් සඳහා නිර්දේශ වූ මාධ්‍යවේදින්, නළු නිලියන්, රුසක්ද මෙම අවස්ථාවට පැමින සිටියේය. මෙවර රයිගම් සම්මාන 58 ක් පිරිනැමීමට නියමිත අතර ප්‍රෙක්ෂක මනාපයෙන් ජනප්‍රිය නළුවා, නිලිය හා ටෙලි නාට්‍ය සම්මාන පිරිනමනු ලබයි. මෙවර රයිගම් උළෙලේ තේමාව වන්නේ නිදහසේ 16 යි. ප්‍රෙක්ෂක මනාපය පල කළ හැකි ජංගම මෝබිටල් අංක එළි දැක්විම ප්රවිණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා විසින් සිදුකරන ලදි.Mobitel-sms-2244අංකයද Dialog-sms-8484ද Hutch-sms-8484 එහිදි ප්‍රකාශයට පත් කරන්නට විය.මේ එහි විශේෂ අවස්ථායි
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න