වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ගුවන් විදුලියේ කටහඩට අරුතක් 2020 වැඩ අරඹයි.
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සහ ඊට සබැඳි ගුවන් විදුලි නාළිකාවන් සඳහා නවක නිවේදක නිවේදිකාවන් බඳවා ගැනීම මේ දිනවලදී ආරම්භ කොට තිබේ. වඩාත් ඵලදායී නිවේදක පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ආරම්භ කර ඇත. වයස අවුරුදු 18 -30 අතර වෘත්තීමය නිවේදකයකු හෝ නිවේදිකාවක වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසට මේ සඳහා අයැදුම් කළ හැකිය. අයැදුම්පත් www.slbc.lk වෙබ් අඩවියෙන් හෝ ගුවන් විදුලි සංස්ථාවේ ප්රධාන කාර්යාලයෙන්, රුහුණු සේවයේ කාර්යාලයෙන් සහ රජරට සේවයේ කාර්යාලයෙන් ලබා ගත හැකිය. 0112696602 අංකයෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පුළුවන. මේ එහි සමාරම්භක අවස්ථාවේ විශේෂ අවස්ථායි
සටහන හා-සේයාරු- නිශ්හංක විජේරත්න