වර්ෂ 2022 ක්වූ August 17 වැනිදා Wednesday
සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී----- සින්දු මංගල්ලේ-----
ජැක්සන් ඇන්තනි තිර රචනය කර අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය එකගෙයි සොකරි සින්දු මංගල්ලේ පසු ගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රීමියම් සිනමා හලේදි පැවත්විණි. ප්‍රධාන ආරාධිතයා ලෙස මහාචාර්ය සුනිල් අරියරත්නයන් පැමීණී අතර ජැක්සන් ඇන්තනි බුලත් හුරුලුලක් දි පිළිගත්තේය.සොකරි ගීත පොත හා ජැක්සන් ඇන්තනි යු ටියුබි චැනලය එදින එළි දැක්විම සිදුකරන ලදි.
සොකරි ගීත පොතේ මුල් පිට පත ජැක්සන් ඇන්තනි විසින් මහාචාර්ය සුනිල් අරියරත්නයන් පිළිගැන්විය. සොකරි සිනමා පටය නිෂ්පාදනයෙන් දායක වන්නේ ක්රීයේෂන් හෙලන්කා පෞද්ගලික සමාගමයි. එහි බන්දුල නානායක්කාරවසම් පද රචනා ගෙන එන අතර සංගීත අධ්‍යක්ෂක වරයාවන්නේ චින්තක ජයකෝඩියි.සජිත අනුත්තර,මාධවි වත්සලා, දිනුපා කෝදාගොඩ,ඩිලාන් කරුණාරත්න,නදීමාල් පෙරේරා,හර්ෂන දිසානායක,චමිල මධුෂාන්, දිල්මින් පෙරේරා, එවන්ද විතානගේ එකගෙයි සොකරිට ගායනයෙන් හඩ මුසුකරයි.
ලා හිරු කිරණේ
වන මල් පෙති යහනේ
මෙ සියොළඟම ඔබේ
අනේ මගෙ සොකරී උඔ කොයිද සිටින්නේ
ඉන්නට බැ සොකරි ළඳුනි
පැදුර එලාන් සොකරි ළදුනි
ලියෝ ලියෝ පංවිල හිටපු සොරියෝ...............
නව වසරේ සොකරි බලන්න හා සින්දු මංගල්ලේ මාධ්‍ය සම්බන්ධිකරනය කළේ සුගත් සිසිරයි. එළඹේන මැදින් හෝ බක්මහේ එකගෙයි සොකරි බලන්නට සිනමා ලෝලින්ට බලාපොරත්තුවක් ඇතිකරම්න් ගමේ ආරේට ආ සියළු දෙනාට කී රෝටි හා කැවිලි පෙවිලි වලින් සප්පායම් වී කහට කෝප්පයක් බී සින්දු මංගල්ලේ හමාර කළේය.
සටහන -සේයාරු- නිශ්ශංක විජේරත්න