වර්ෂ 2022 ක්වූ May 20 වැනිදා Friday
රයිගම් 16 මාර්තුවේ
දහසය වැනි රයිගම් සම්මාන උලෙළ එළඹෙන මාර්තු මස 21 වැනිදා සවස කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වෙන බව ඊයේ (17) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුව පැවැත්විය. මෙයට පූර්වගාමීව නිර්දේශිත නාම එළිදැක්වීම පෙබරවාරි මස 28 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
උලෙළේ මෙවර තේමාව නිදහසේ 16 යන්නයි. උලෙළ සඳහා අයැදුම්පත් සහ නිර්මාණ බාර ගැනීම මේ වන විට ආරම්භව තිබේ. නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේ්ක්ෂිත නිර්මාණකරුවන් 0707061976/508/606 යන අංකවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න