වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
සකී වැඩ අරඹයි.
ප්‍රදීප් බුලත්සිංහල අධ්‍යක්ෂණය කරන කුලුදුල් සිනමා නිර්මාණය වන “සකී” චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දින වැල්ලවත්ත හොටෙල් සෆායා හිදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි නිෂ්පාදනය රුවන් කේ ලියනපතිරණගෙනි. තිර රචනය ජනක මහල්පත් වන අතර කතාව ඕෂධී හේවාමද්දුමයි. Master Media 1 Film Production ඉදිරිපත් කිරීමකි.
කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම, කලා අධ්‍යක්ෂණය සුනිල් විජේරත්න, වේෂ නිරූපණය නාරද ධනංජි තොටගමුව, සහාය අධ්‍යක්ෂණය කීර්ති රුවන් ලාල්සන්, සංගීත අධ්‍යක්ෂණය නදුන් රත්නායක, නිෂ්පාදන කළමණාකරණය තුෂාර මධුෂංක, ඇදුම් නිර්මාණය කුමුදු ළමාහේවා, ගේය පද රචනය රුවන් කේ ලියනපතිරණ, ගීත ගායනය අමරසිරි පීරිස් සමග උරේෂා රවිහාරිගෙනි.
සකී සිනමා පටයට රංගනයෙන් දායක වන්නේ සනත් ගුණතිලක, බුද්ධදාස විතානාච්චි ,ගිරිරාජ් කෞෂල්‍යය, දිල්හානි අශෝකමාලා, මොරින් චාරුනී, කුසුම් රේණු, ඕෂධී හේවාමද්දුම,තාරුකා වන්නිආරච්චි, එෂිනි මින්දුලා ගුණසේකර, එස් අයි සමරක්කොඩි, නිර්මානි කුලාංග යි. මේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථාවන් ය.
සටහන-ඉනුෂි මදුෂිකා
සේයාරු-නිශ්ශංක විජේරත්න