වර්ෂ 2022 ක්වූ August 11 වැනිදා Thursday
පුංචි තිරයේ මහා කලා මංගල්‍යය
24 වැනි සුමති ටෙලි සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අන්දමීන් පසුගිය 24 වැනි දින නෙළුම් පොකුණ රගහලේදි ශිරන්ති රාජපක්ෂ මහත්මීයගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. සුමති සම්මාන උළෙලේදි රංගන ශිල්පින් ශිල්පිනියන් මෙන්ම රුපවාහිනී තිරයේ දිග හැරෙන සියලු නිර්මාණයන් ට උරදෙන ඒවා සාර්ථක නිර්මාණයක් බවට පත් කිරිමට තිරය පිටුපස සිටීමීන් දායකත්වය ලබාදෙන කැමරාකරණය,අධ්‍යක්ෂනය, නිෂ්පාදනය,සංගීත අධ්‍යක්ෂනය,වේශ නිරුපනය,කලා අධ්‍යක්ෂණය.අලෝකකරණය,සහ ප්රවෘත්ති අධ්‍යක්ෂණය,වාර්තාකරණය.ගවේශණ ශිලි වාර්ථාකරණය,රුපවාහිණි නිවේදක,වෙළඳ දැන්වීම් ආදී පුළුල් පරාසයන් ඔස්සේ සම්මාන 60කට ආසන්න ප්‍රමාණයක් මෙවර සම්මාන පිරිනමන ලදි. ප්‍රෙක්ෂක මනාපෙන් වසරේ ජනප්‍රියම රංගන ශිල්පියා වුයේ සුමීරාන් ගුණසේකරයි. ජනප්‍රියම රංගන ශිල්පිණිය නයෝමී තක්ෂිලා හිමී කරගත්තාය.
යු,ඩබ්ලිව්, සුමතිපාල අනුස්මණ සම්මානය ඇලේක්සන්ඩර් ප්‍රනාන්දු ට සහ සුමනා අමරසිංහට පිරිනැමීණි. හොදම සහය නළුවා දසුන් පතිරනටත්, හොදම සහය නිළිය යශෝධා රසදුණිටත් පිරිනැමීණි. හොදම නළුවා උද්දික ප්‍රේමරත්න, හොදම නිළිය තිසුරි යුවනිකා, හොදම අධ්‍යක්ෂණය ලලිත් රත්නායක, හොදම ප්රසාන්ගික ටෙලි නාට්‍ය සිරස ටී.වි තාත්තා හිමිකරගත්තේය. මේ එහි විශේෂ අවස්ථායි.
සටහන -සේයාරු-නිශ්ශංක විජේරත්න