කදිර දිව්‍යරාජ දින 100 පසුකරයි

නොවැම්බර් 16, 2023

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනය කළ ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය පසුගියදා දින සියය (100) පසුකළේය. දිවයිනේ සිනමා ශාලා 64ක නොකඩවා තිරගත වූ ‘කදිර දිව්‍යරාජ’ උපයා ඇති ආදායම රුපියල් ලක්ෂ 2750කි.

භාරතීය රංගන ශිල්පී යුවළක් වන සමර් වර්මානි සහ සොනාක්ෂි සිං රාවන් ප්‍රධාන චරිත නිරූපණය කරති. රොෂාන් පිලපිටිය, නිල්මිණි තෙන්නකෝන්, ජගත් චමිල, වසන්ත විට්ටච්චි, චරිත් අබේසිංහ, සරත් කොතලාවල, ධනංජය සිරිවර්ධන, විනූ උදානි සිරිවර්ධන, හරිනි කාව්‍යංජන, අජිත් ශාන්ත, සමුදි ජයසිංහ, වසන්ත කුමාරවිල, ෂෙල්ටන් කැකුලාවල, රජිත රොඩ්රිගු, සම්පත් තෙන්නකෝන් රංගනයෙන් එක් වෙති.

කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිදාන, නර්තන අධ්‍යක්ෂණය සංඛ අබේසිංහ වස්ත්‍රාභරණ වෙනුක වික්‍රමආරච්චි, කේශාලංකාර, හරුන් ෂයින්ඩින්, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක හා නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර ගෙනි.