වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
කලාකරුවන්ට සාමදාන විනිසුරු පදවි

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් හා නායකත්වය යටතේ මාධ්‍ය උපදේශක හර්ෂ. බී.අබේකෝන් ගේ සම්බන්ධීකරණයෙන් මොරටුව ලලිත කලා සංගමයේ සභාපති තිලක් ද මැල්ගේ සංවිධානයෙන් ප්‍රවීණ කලාකරුවන් 200 අධික පිරිසකට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සාමදාන විනිශ්චයකාර ධුර පිරිනැමීමේ මුල් අදියරේදී 112 දෙනකුට පසුගිය 10 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ දී, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි පිරිනැමිණ. එහිදී මහාචාර්ය මුදියන්සේ දිසානායක, ප්‍රවීණ රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම, ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා ලාලිනි ජයකොඩි, ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා සුමනපාල, ප්‍රවීණ මාධ්‍යවේදිනී විනීතා කරුණාරත්න, රංගන ශිල්පිනී සනෝජා බිබිලේ, ගායන ශිල්පී රජීව් සෙබස්තියන්, රංගන ශිල්පිනී රුවන්ති මංගලා, රංගන ශිල්පී මිහිර සිරිතිලක, රංගන ශිල්පිනී උදය කුමාරි රණසිංහ, රංගන ශිල්පිනී ශි‍්‍රයාණි මහවත්ත, රංගන ශිල්පිනී මනීෂා නාමල්ගම, රංගන ශිල්පිනී නිලන්ති ඩයස්, රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන, රංගන ශිල්පී සරත් පීරිස්, ගායන ශිල්පී ෆීලික්ස් ඇන්ටන්, ගායන ශිල්පිනී සුභානි හර්ෂණී, ගායන ශිල්පී තරංග නෙල්සන් සහ සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ඇතුළු කලාකරුවන් රාශියකට සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමිණ.
සේයාරූ - සුදත් නිශාන්ත