වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
එදා මං සින්දුව කියපු විදිහට ඔක්කොම හිනා වුණා

කුඩා කල සිටම තිබූ තම හීන බලපොරොත්තු ඉටුකරගත හැක්කේ කීයෙන් කීදෙනාටද. මෙවර අපේ කතාබහට එකතු වන ඇයද එම බලාපොරොත්තුව ඉටුකරගත් තැනැත්තියක් වීම සුවිශේෂී වන්නීය. අධ්‍යාපන කටයුතුවල නිරතවන අතරතුරදීම එම අරමුණ ආසාව ඉටුකර ගැනීමටද ඇය සමත්වූවාය. ඒ රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයින් දෙපළක් යටතේ රංගනය හැදෑරීමත් සමඟයි. මේ වන විට ඇය ජනපි‍්‍රය රංගන ශිල්පිනියක් බවට ද පත්වී හමාරය. සතියේ දින පහේම රාත්‍රී 6.25 ට දෙරණ රූපවාහිනී සේවයෙන් යන ශක්ති ටෙලි නාට්‍යයේ එරංදි ලෙසත් ජනපි‍්‍රයතම ටෙලි නාට්‍යයක් වූ පාරදිගේ ටෙලි නාට්‍යයේ ගේම් ගසා මුදල් උපයන මිෂෙල්ගේ චරිතයෙනුත් ස්වාධීන රූපවාහිනියෙන් (ධ්ඊව්) රාත්‍රී 9.00ට යන ෆෝචූන්ස් රෙසිඩන්සි ටෙලි නට්‍යයෙන් ද ඇය අප හමුවන්නීය. මෙවර අපේ කතාබහ ජනපි‍්‍රය රංගන ශිල්පිනී ගයාත්‍රි දිසානායක සමඟයි.
මුලින්ම ගයාත්‍රි ගැන විස්තර කියන්නකො...
මගේ නම ගයාත්‍රි දිසානායක. මම ඉන්නේ රාගම. ඉගෙන ගත්තේ කඩවත විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් පවුලේ අම්මයි, තාත්තායි, මමයි, නංගියි. නංගි තාම ඒ ලේවල් (ඒ/ඹ්) කරනවා.
කුඩා කාලයේ ඉඳලම රංගනයට ආසාවක් බලාපොරොත්තුවක් තිබුණා නේද?
ඔව් අයියේ මම උසස් පෙළින් පස්සේ මහේන්ද්‍ර සර්ගෙයි (ප්‍රවීණ ජනපි‍්‍රය රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා) දමයන්ති මිස් (ප්‍රවීණ ජනපි‍්‍රය රංගන ශිල්පිනි දමයන්ති ෆොන්සේකා මහත්මිය)යන අයගේ රංගන පුහුණු පාසල්වලට ඇතුළත් වෙලා රංගනය ගැන හැදෑරුවා.
ඊට පස්සේ...
2017 වසරේදී තමයි මට රංගනයට නොහිතපු වෙලාවක අවස්ථාවක් ලැබෙන්නේ. ඒ මාව දැකපු කෙනෙක් නිසා. එදා ඔහු ඔහුගේ නිර්මාණයකට මාව තෝරගන්න කැමති වෙලා ඔඩිෂන් එකකට (තිර පරීක්ෂණය) එන්න කිව්වා. මං ගිහින් ඒකට ඉදිරිපත් වුණා. එයින් සමත්වීමෙන් අනතුරුව තමා මට ප්‍රථමයෙන්ම ටෙලි නාට්‍යයක රංගනයට අවස්ථාවක් ලැබෙන්නේ.
ඒ දවස්වල ගෙදරින් ඔයාට රඟපාන්න යන්න අවසර දුන්නද?
ඔව්, ඒ අයගෙන් කිසිම විරෝධතාවයක් තිබුණේ නැ.
දැන් නිර්මාණ කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද?
ටෙලි නාට්‍යය නම් විස්සකට (20) විතර සම්බන්ධ වෙලා තියෙනවා. ෆිල්ම්ස් දෙකකට සම්බන්ධ වෙලා වැඩ කළා. කොළඹ සන්නිය. හොලා කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා.
ගයාත්‍රි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැද්ද?
මීට කලින් මට වේදිකා නාට්‍යයවලට අවස්ථාවක් ලැබුණා. ඒත් ඒක මට කරගන්න බැරි වුණා. ඉදිරියේදිත් වේදිකා නාට්‍ය සඳහා රංගනයට අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා.
මේ දවස්වල අපිට ඔබව දකින්න ලැබෙන්නේ ?
දෙරණෙ යන ශක්ති ටෙලි නාට්‍යයේ එරන්දි ලෙසත් ස්වර්ණවාහිනියෙන් විකාශය වූ පාර දිගේ ටෙලි නාට්‍යයේ මිෂෙල් ලෙසත් ස්වාධීන රූපවාහිනියෙන් රාත්‍රි 9.00 යන ෆෝචූන්ස් රෙසිඩන්සි යන ටෙලි නාට්‍යවලට මම මේ දවස්වල රංගනයෙන් දායක වෙනවා. තවත් අලූත් ටෙලි නාට්‍යයකත් මේ දවස්වල රූගත කිරීම් කරගෙන යනවා.
මේ දිනවල විකාශය වන ඒ ටෙලි නාට්‍යයවල චරිත ගැන මතක් කළොත්,
ශක්ති ටෙලි නාට්‍යයේ එරංදිල ඒක නපුරු චරිතයක් සල්ලිවලට, දේපළවලට දැඩි ආසාවකින් ඒවා තමන්ට ලබාගන්න නිරන්තරයෙන් වෙර දරන තැනැත්තියක්. පාර දිගේ ටෙලි නාට්‍යයේ මිෂෙල්ගේ චරිතය විවිධ අය අමාරුවේ වට්ටන සල්ලි ඉපයීමේ අරමුණින් විවිධ ගේම් දෙන තරමක් දාමරික නපුරු චරිතයක් ඒ වගෙම චරිතයක් තමයි ෆෝචූන්ස් රෙසිඩන්සි ටෙලි නට්‍යයෙත් මම රගපන්නේ.
මේ ටෙලි නාට්‍යවල රංගනයේදී ඔබට මුහුණ පෑමට සිදු වූ අමතක නොවන දේවල් මොනවද?
ඇත්තටම පාරදිගේ ටෙලිනාට්‍යයේ තමයි මට ඒ වගේ දේවල් වැඩියෙන්ම සිදුවෙලා තියෙන්නේ. ඒකේ රූපගත කිරීම්වල හැමදෙයක්ම වගේ අමතක නොවන දේවල් බවට පත්වෙලා. ගුටි කන සිද්ධි ඒ අතරින් ප්‍රමුඛයි. ඒ වගේම එහි මගේ චරිතයේ එක අවසථාවක් තිබුණා, සින්දුවක් කියන්න ඇත්තටම ඒ චරිතේ විදිහට මම සින්දු කියන්න බැරි කෙනෙක් මට හිතෙනවා මං ඒ සින්දුව කියන අවස්ථාව හොඳට කළා කියලා. ඒ අවස්ථාවේ මගේ සහෝදර කලා ශිල්පීන් ඇතුළු ටීම් එකේ ගොඩක් අය මට හයියෙන් හිනාවුණ. තව සිද්ධියක් වුණා. මීට පෙර මං චිත්‍රපටයක රංගනයේදී මෝටර් සයිකලයක නැගලා යනවා. ඒ අවස්ථාවේ බයිසිකලේ තෙල් ටැංකිය විවෘත කළා, තෙල් ගහන තැනක මං එතනින් වැටුණ. එදා මගේ කකුල් දෙකම තැලුණා.
ඔබ වඩාත් ජනපි‍්‍රය වුණේ කුමන නිර්මාණයේ චරිතයෙන්ද?
පාරදිගේ ටෙලි නාට්‍යයේ මිෂෙල්ගේ චරිතයෙන් තමා. මම පාරදිගේ ටෙලි නාට්‍යයේ ඇක්ට් කරන්න කලින් හිතුවා ඒ කැරැක්ටර් එක ෆේමස් වෙයි කියලා. ඒක අමුතුම ආකාරයේ විවිධ පැති ඔස්සේ දිව යන චරිතයක් නිසා වෙන්න ඇති මිනිස්සු ඒකට ගොඩාක් කැමති. අනිත් නිර්මාණ වලට වඩා පාර දිගේ මිෂෙල්ගේ චරිතයෙන් තමා ගොඩාක් දෙනා මාව දන්නේ.
ගයාත්‍රි දැන් නිවේදිකාවකුත් වෙලා නේද?
ඔව් අයියේ මට ප්‍රථම වතාවට තමා නිවේදිකාවක් ලෙස මේ විදියට චැනල් සී නාලිකාවේ වැඩසටහනක් කරන්න අවස්ථාවක් ලැබුණේ. මම මේ පැත්ත ගැන වැඩිදුර හැදෑරීමකුත් කරලා තිබුණේ නැති නිසා මං ඒ වැඩේට එතරම් කැමැත්තක් දැක්වුවේ නෑ. ඒත් දැන් සතිපතා මම ඒ වැඩසටහන කරගෙන යනවා. මට ඒ වැඩසටහනේ නිෂ්පාදක පිරිස කිව්වා ඔයා මේ වැඩේ බෑ කිව්වට දැන් ඔයා වැඩේ හොඳට කරගෙන යන්නේ, අපි දිගටම විදිහටම කරගෙන යමු කියලා.
ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන කිව්වොත් දැන් වයස කීයද?
අපි වයස හිතාගන්න ඉඩ අරිමු.
ගයාති‍්‍රට පෙම්වතෙක් ඉන්නවද?
ඇය සිනාසෙයි.....
ඔව්... එහෙම කෙනෙක් ඉන්නවා.
ඔහු ගැන විස්තර කියන්න කැමතිද?
දැන්ම නොවෙයි ඉස්සරහට ඔහු ගැන විස්තර කියන්නම්.
අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තියෙනවද?
2017 වසරේදි මං ආරම්භ කරපු කලාවේ මේ ගමන අද ඇවිල්ලා ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙනවා. රංගනයේ නියැළෙන කෙනෙක්ට වඩාත් වැදගත්ම පිරිස වන්නේ ප්‍රේක්ෂකයින් මං හිතනවා මටත් එහෙමයි මං මේ අවස්ථාවේදී ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔවුන්ට මට මේ අයුරින් අසීමිත ජනපි‍්‍රයත්වයක් උදාකර දෙන්නට දායක වීම ගැන ඒ වගේම මට ඒ සඳහා සම්බන්ධ වෙන්න උදව් කළ අංජුල අයියටත් අධ්‍යක්ෂක ශිවා සර්ටත් පාරදිගේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා ඒ වගේම මාව දිරිමත් කරමින් මට සහය වන පවුලේ අය ඇතුළු හිතවතුන්ටත් හැම වෙලාවකම හොඳම ප්‍රේක්ෂිකාව ලෙස මට යම් යම් දේවල් කියලා දෙන මගේ වැඩවලට උදව් කරන මගේ නංගිටත් ගොඩාක් ස්තූතියි කියලා කියන්න මෙය අවස්ථාවක් කරගන්නවා.