වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
"Father for A Buddha" ග්‍රන්ථය දොරට වඩී

අජන්ත සෙනෙවිරත්න විසින් විරචිත "Father for A Buddha" ග්‍රන්ථය පසුගිය දින ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සම්භාවනීය ආරාධිතයන් පිරිවරා ගනිම්න් ජනගත කෙරිණි.
සුද්ධෝදන රජතුමාගේ ජීවිත කතාව The story of King Suddhodana) රැගත් මේ නවකතාවේ පිදුම ලියැවුණේ සාහිත්‍යවේදී ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ ශූරීන්ටයි.
නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ සහ තායිලන්ත තානාපතිවරයාට එහි මුල් පිටපත් පිරිනැමිණි.
ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ට ද ගෞරවනීය පිරිනැමීමක් සිදු කෙරිණ.
ජ්‍යේෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි, ජ්‍යේෂ්ඨ මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය කෝලිත භානු දිසානායක, මහාචාර්ය ජගත් රවීන්ද්‍ර, මහාචාර්ය අන්කූරන් දත්තා යන මහාචාර්යවරුන් හය දෙනාටද මේ ග්‍රන්ථය පිරිනැමිණි.