වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සේපාලිකා රුක්ස් දැයෙන් සමුගනි
නොවැම්බර් 9, 2023

රංගන ශිල්පිනි මරියා ක්ලොට්ල්ඩා රුක්ස් (සේපාලිකා) පසු ගිය දින අභාවප්‍රාප්ත විය. සිනමාපට පහකට පමණ රංගනයෙන් දායක වූ ඇය හිතට හිත සිනමාපටයේ ජෝ අබේවික්‍රම ගේ පෙම්වතිය ලෙස රඟපෑ ඇය ළඳක මහිම සිනමාපටයෙහි ද කැපී පෙනෙන චරිතයක් රැඟුවාය. මිය යන විට ඕපත්ඇල්ල ඇගේ නිවසේ වාසය කළ අතර අවසන් කටයුතු පසුගිය 4 වැනිදා හිරිපිටිය ආදාහනාගාරය දී සිදු කෙරිණි.