වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
‘හෙළ සිනමාවේ රෝමියෝ ඩග්ලස් රණසිංහ’ කෘතිය දොරට වඩී
නොවැම්බර් 9, 2023

ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහගේ ජීවිත කතාව ඇතුළත් ‘හෙළ සිනමාවේ රෝමියෝ’ කෘතිය එළැඹෙන 11 වැනි දා සවස 3.00 ට බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ. දශක හයක කාලයක් පූරණය කරමින් ශ්‍රී ලාංකේය ශ්‍රව්‍ය දෘෘශ්‍ය කලාව උදෙසා තම අද්විතිය ප්‍රතිභාව, ප්‍රකට කළ මානව ගුණ සපිරි ප්‍රභාශ්වර පෞරුෂය විවරණය කරන මේ ග්‍රන්ථය සරච්චන්ද්‍ර මුතුබණ්ඩා විසින් රචිතය.