කදිර දිව්‍යරාජ ආදායම් වාර්තා බිඳ හෙළමින් දින 50 පසු කරයි

සැප්තැම්බර් 28, 2023

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ආචාර්ය රවී ලියනගේ නිෂ්පාදනයෙන් දායකවූ ‘කදිර දිව්‍යරාජ’ සිනමාපටය අතිසාර්ථක ලෙස දින 50 පසු කරයි. දින පනහ පසු කරන විට ආදායම රුපියල් ලක්ෂ 2000 පසුකර තිබේ. දිවයින පුරා පිහිටි සියලු සිනමාහල්වල ප්‍රදර්ශනය වූ ‘කදිර දිව්‍යරාජ’ සිනමාපටය මේ වන විටත් අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය වේ. දින පනහ පසු කිරීම නිමිති කොටගෙන හෙට 29 වැනි දින කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේ ඉදිරිපිට සිනමා කර්මාන්තයට සෙත්පතා ආශීර්වාද පූජාවක් පවත්වන අතර සන්ධ්‍යා භාගයේ කඳසුරිඳුන් උදෙසා විශේෂ දේව පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සඳහා රංගනයෙන් දායක වූ ප්‍රධාන රංගන ශිල්පීන් වූ ඉන්දීය රංගන ශිල්පීන් දෙදෙනා වන සමර් වීරමානී සහ සොනාක්ෂි සිං රාවත් ඇතුළු රංගන ශිල්පීන් සහ නිෂ්පාදක කණ්ඩායම සහභාගී වන බව පසුගිය දින මාධ්‍ය හමුවක් කැඳවමින් එහි නිෂ්පාදන කණ්ඩායම සඳහන් කළේ ය.