වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
මාලිනීට කැලණියෙන් උපහාර

කැලණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ ‘පිළිසඳරේ’ වැඩමුළුව පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී නිළි රැජන, ආචාර්ය මාලිනී ෆොන්සේකාය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ කලා කෞශල්‍ය මෙන්ම ඔවුන්ගේ ජීවන ආකල්ප සිතුම් පැතුම් කෙරෙහි ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ ජීවන අත්දැකීම් පාදක කර ගැනීම මෙහි මූලික අරමුණ විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිනිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත් වූ අතර විශ්වවිද්‍යාල කලා මණ්ඩලයේ සභාපතිනිය මහාචාර්ය උදා හෙට්ටිගේ, සමාජීය විද්‍යා පීඨයේ මහාචාර්ය එම්.එම්. ගුණතිලක, මානව ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් ඇතුළු විද්වත්හු රැසක් මේ සඳහා සහභාගි වූහ. එහිදි ආචාර්ය මාලිනී ෆොන්සේකා වෙත විශ්වවිද්‍යාල කලා මණ්ඩලය මඟින් සම්මානයක් ද පිරිනැමිණ.