වර්ෂ 2023 ක්වූ November 30 වැනිදා Thursday
මා පියකුගේ චරිතයක් චරිතයක් රඟපෑවේ පළමුවරට

ඉකුත්දා තිරගත කිරීම් ඇරඹූ ‘ලොක්ඩවුන්’ ගැන හඳුන්වා දුන්නොත්....?
‘ලොක්ඩවුන්’ කියන්නේ පවුලේ චිත්‍රපටයක්. පවුලේ සැමට නැරැඹිය හැකි ආදර්ශවත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙන් තරුණ මවුපියන්ට විශාල ආදර්ශයක් ලබාදෙනවා. විශේෂයෙන් දරුවන්ව ඇස් මානයේ තබාගෙන ආරක්ෂා කළයුතු බවත් දෑස් දාහක් දරුවන් දෙස හැරී තිබුණද විනාශයක් වීමට ගතවන්නේ නිමේෂයක් පමණක් බව කියන උපදෙස වැඩිහිටියන්ට, මවුපියන්ට මෙහිදී ඉතා සංවේදීව ලබාදෙනවා. “අවධානය ගිලිහුණු තැන අවදානම” යන තේමාපාඨය යටතේ තිරගත වන ලොක්ඩවුන් චිත්‍රපටය සියලුම මවුපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් නැරඹිය යුතුයි කියන අදහසේ මම ඉන්නවා..
‘ලොක්ඩවුන්’හි ඔබේ චරිතය ගැන කීවොත්...?
චරිතය ‘සමන්ත දේවප්‍රිය’. ඔහු තාත්තා කෙනෙක්. ඒ චරිතය මට වඩාත් සුවිශේෂී වෙන්නේ සිනමාවේ පියකුගේ චරිතය පළමුවරටයි මම මෙහි නිරූපණය කරන්නේ. පන්නිපිටිය නගරාසන්නයේ ජීවත්වන සමන්ත දේවප්‍රිය විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. වගකීමක් තිබෙන තරුණ පියකුගේ චරිතයක්. චිත්‍රපටය නරඹන විට මගේ චරිතය ගැන ප්‍රේක්ෂකයන්ට හොඳීන් වැටහේවි.
‘සමන්ත’ තුළ ලොකු කතාවක් තියෙනවා නේද...?
ඇත්තෙන්ම. ඔහු විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. එහෙත් මෙහිදී කියවෙන්නේ ජීවිතය යනු මිල මුදල්ම නොවන බවත් දරුවන්ගේ වගකීම මවුපියන් මීටවඩා ගතයුතුයි කියාත්. කෙතරම් කාර්යබහුල වුවත් දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. සමන්තගේ චරිතය යම් ගැඹුරක් තිබෙන චරිතයක් කිව්වොත් හරි. දරුවන්ගේ ආරක්ෂාව මවකට තනියෙන් දරන්න බැහැ. එහිදී පියාටත් එහි වගකම භාගයක් යනවා.
ඔබට මේ චරිතය අභියෝගයක් වුණා ද...?
අභියෝගයක්ම කියන්නත් බැහැ. මම කොහොමත් අභියෝගවලට කැමැතියි. මගේ රංගන දිවියේ පළමු වරට පියකුගේ චරිතයකට ජීවය දෙන්නේ. අනික මමත් සැබෑ ජීවිතයේ දැන් පියෙක්නේ. බාහිර පෙනුමෙන් පවා මට මෙහිදී වෙනස්වෙන්න සිදුවුණා.
ඔබේ චරිතයෙන් සමාජයට දෙන ආදර්ශය සුළුපටු නැහැ...?
ඔව්, සමන්ත වගේ චරිත සමාජයේ ඉන්නවා. පියකුගේ වගකීම ගැනත් මෙහිදී කතාවෙනවා. කොතරම් කාර්යබහුල වුවත් ආර්ථිකය මූලිකම දේ නොකර දරුවන් ගැන විශේෂ අවධානයක් දරන්න ඕන කියා සමන්තගේ චරිතයෙන් කියවෙනවා.
සමාජයට මේ කතාවෙන් විශාල ආදර්ශයක් දෙනවා නේද...?
අද සමාජයම ඉන්නේ සල්ලි හම්බකරන්න රේස් එකක දුවන තත්තවයක. එසේ රේස් එකක් දුවද්දී තමන්ගෙන් පවුලට විය යුතු යුතුකම්,වගකීම් මඟහැරෙනවා. එය ඒතරම් හොඳ දෙයක් නෙවෙයි. මෙහි එන දරුවා ‘සහනී’ත් මේ අධිවේගී සමාජයේ බලපෑමට ලක්වෙලා. ඇයගේ අම්මා , තාත්තා දෙන්නම රැකියා කරනවා. විශේෂයෙන් අම්මා වෛද්‍යවරියක්. කොරෝනා සමයේ සිදුවීමත් කේන්ද්‍ර කරගෙන දිවයන චිත්‍රපටයක් මේක. කොරෝනා කාලයේ මේ සහනීගේ අම්මාට සිද්ධවෙනවා එකදිගට රෝහලේ රාජකාරි කරන්න. ඒනිසා තමන්ගේ දරුවා ගැන සොයන්න තියෙන කාලය අඩුවෙනවා. ඒ හේතුවම නිසා දරුවා නොසිතූ මොහොතක නොසිතූ ලෙස අතුරුදන් වෙනවා. තරුණ මවුපියන් දැනගත යුතුයි සල්ලි හම්බකරන්න රේස් එකේ දිව්වට දරුවන්ව තමන්ගේ දෑස් මානයෙන් ඉවත්වූ තත්පරයෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා. කුඩාම අතපසුවීමක් ඇති දරුවෙක් මවුපිය හෝ වැඩිහිටි භාරකරත්වයෙන් ගිලිහී යන්න. ලොක්ඩවුන් චිත්‍රපටය තුළ තිබෙන්නේ යම් සිදුවීමක් පමණයි. දරුවන් හදනවා නම් මවුපියන්ට විශාල වගකීමක් තියෙන්න ඕන. කොරෝනා කාලයේ මේ අම්මාටත් රාජකාරී වැඩිවෙනවා. ඒ හේතුවම තමයි දරුවා තමුන්ගෙන් ගිලිහෙන්න බලපාන්නෙත්...
‘ලොක්ඩවුන්’ තුළින් චිත්‍රපටයකට එහාගිය සමාජමය කතිකාවක් ගොඩනඟන්න පුළුවන් කියා මට නම් සිතෙනවා...?
ඇත්තෙන්ම මේක චිත්‍රපටයක්ම නෙවෙයි. මේක නරඹපුවාම දරුවෝ ගැන මීට වඩා සිතන්න පුළුවන් වේවි කියන අදහසක් මගේ ඔළුවේ තියෙනවා. සමාජයේ මවුපියන්, ගුරුවරුන්, හිතමිතුරන් වගේ පිරිස මෙහිදී දැනුම්වත් කරන්න පුළුවන්නේ...දරුවන් අනාරක්ෂිතවීම සමාජ ගැටලුවක්..මෙය සුළුවෙන් ගතයුතු දෙයක් නෙවෙයි. පාසල් මට්ටමින්, රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතන මට්ටමින් හෝ මෙවැනි සමාජමය ගැටලු සඳහා කතිකාවන් අනිවාර්යයෙන් ඇතිවිය යුතුයි. රැකියා කරන හැමෝටම වගේ දරුපවුලක් ඉන්නවා. දරුවන් ඉන්නවා. දරුවන් ආරක්ෂා කරගැනීම, දරුවන් අනාරක්ෂිත වන්නේ කුමන කරුණු නිසා ද.? දරුවන්ට මවුපිය සෙනෙහස අවශ්‍ය නොවන්නේ ද..? මිලමුදල් පසුපස යාමෙන් මඟහැරෙන දරුවාගේ ජීවිතය කොතනින් නතරවේද? යන කරුණු පිළිබඳ සමජය තුළින්ම කතිකාවක් ගොඩනැඟිය යුතුයි කියා මම සිතනවා.
මෙම දරුවන්ගේ අනාරක්ෂිත බව පිළිබඳ සමාජමය ගැටලුව පුළුල් පරාසයකට ගෙනියන්න පුළුවන්. ඒ තුළින් මවුපියන්ගේ ඇස් ඇරවන්න හැකි යැයි ඔබට සිතෙන්නේ නැද්ද ..?
චිත්‍රපටය තුළ පුළුල් පරාසයක් තිබෙනවා. තරුණ මවුපියන්ට දරුවන් ගැන විශාල වගකීමක් තිබිය යුතුයි. දරුවා නිවෙසේ තනියම සිටියදී දරුවාගේ තනියට නතර කරන කෙනාගෙන් දරුවන් අපහරණයට ලක්වෙන්න පුළුවන්. ඒ කෙනා ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන්. ඇසිපිය හෙළන පමණින් දරුවාට යම් අනතුරක්, විපතක් විය හැකියි. ළමා අපචාර, මානසික-කායික හිංසන, දරුවන් නොයෙක් වැරදි දේට ඇබ්බැහිවීම ආදිය පිළිබඳ මවුපියන් දැනුම්වත් කර ඔවුන්ගේ ඇස් ඇරවන්න හැකිනම් එය විශාල සමාජ සේවයක් ද වෙනවා. මේ චිත්‍රපටයේ අන්තර්ගතයෙන් පුළුල් පරාසයකට යාහැකියි. මෙය හුදු බොළඳ, වාණිජ චිත්‍රපටයක් නෙවෙයි.
‘ලොක්ඩවුන්’හි අධ්‍යක්ෂවරයා ගැන සඳහන් කළොත්...?
ඔහු සුනිල් ප්‍රේමරත්න. ලොක්ඩවුන් අධ්‍යක්ෂණයට අමතරව තිර රචනය ලිව්වෙත් ඔහු. කොවිඩ් කාලයේ ගෙදරට වෙලා ඉන්න අතරේදී ඔහුගේ ඔළුවට ආව අදහසක් තිර රචනයට නඟා චිත්‍රපටයකට අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහු මීටපෙර වැලි පවුරු චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා.
චිත්‍රපටයේ අනෙකුත් ශිල්පීන්ගෙන් ඔබට ලැබුණු සහය ගැන කිව්වොත්...?
චුලක්ෂි රණතුංග මට හොඳ සහයක් දුන්නා. ඇය තමයි මෙහි මගේ බිරිඳ හෙවත් වෛද්‍යවරියගේ චරිතය නිරූපණය කළේ. ඇගේ චරිතය ‘ලෝචනා දේවප්‍රිය’. ඇයත් එක්ක තමයි මම රඟපෑවේ. මගේ දියණිය විදිහට රඟපෑවේ ‘දුෂ්ලා ලියානා’ දැරිය. ඇය මෙහි ‘සහනී’ . ඇගෙනුත් මට හොඳ සහයක් ලැබුණා..දක්ෂ පිරිසක් මේකට සම්බන්ධ වුණේ. කුසල් මධුරංග, කුමාර තිරමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනී, සහන් විජේසිංහ, උපුල් නිශාන්ත, ධනංජි තාරුකා ආදී නළුනිළියන්ගේ දක්ෂතාව, කැපවීම වටිනවා.
චිත්‍රපටයක් භාරගනිද්දි ඔබ වඩාත් සැලකිලිමත් වෙන්නේ කුමන කරුණුවලටද...?
මම එහි අධ්‍යක්ෂ සහ තිර රචනය ගැන බලනවා. විශේෂයෙන් තිර රචනය බලනවා. බජට් එකත් බලනවා.
අද බොහොමයක් සිනමාශාලා කඩා දමලා. ඒ ගැන ඔබේ අදහස....?
ඇත්තෙන්ම එය කනගාටුවක්. තිබුණු සිනමාශාලා රැසක්ම වැහිලාත් ගිහින්. අලුත් ඒවා හැදෙනවාත් අඩුයි. මේ පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. ඒකාධිපති පාලනයකුත් මෙතන තියෙනවා. මම නම් හිතන්නේ රාජ්‍ය මට්ටමින් හෝ යම්කිසි නීතිරීති මාලාවක් ඇතිකරලා යම් වැඩපිළිවෙළක් හදන්න ඕන..ඒත් එක්කම කොළඹ අවට පමණක් යම් යම් සිනමාශාලා කිහිපයක් හැදෙනවා. ඒක සුබවාදී දෙයක්. ලබන වසර වෙද්දී යම් සාධනීය මට්ටමකට ඒවි කියලා හිතනවා..මේක කර්මාන්තයක් ලෙස ගොඩගන්න නම් කට්ටියම එකතුවෙන්න ඕන. මෙතන එකමුතුකමකුත් නැහැනේ.
නව තාක්ෂණය එක්ක සිනමාව ඉදිරියට ඇවිත්. ඒත් සිනමාශාලා සංස්කෘතිය සේදීගෙන යනබව පේනවා....?
ඉන්දියාවේත් ව්ඥබටතඪය වගේ දියුණු සිනමා ප්‍රදර්ශන ක්‍රම තිබෙනවා. ඒත් ඒ රටවල සිනමාශාලාවලට එහි බලපෑමක් නැහැ. සිනමාශාලා හවුස් ෆුල් තත්ත්වයේ තියෙන්නේ. අපේ රටේ එහෙම නැහැ. චිත්‍රපටයක් ආවොත් අපේ රටේ අය කියන්නේ මේක ච්ඍච් ර්‍ණභබ කළාම බලනවා, නැත්නම් ඊඍ එකෙන් බලනවා කියලා. සිනමාශාලාවලට යන්න අපේ අයට වැඩි ඕනෑකමක් නැහැ. තාක්ෂණය වෙනස් වෙනවා. එය වෙනස් විය යුතුයි. පරිණාමණය විය යුතුයි හැමදෙයක්ම. ඒකට අභියෝගයක් වෙන්න සිනමාවත් වෙනස් විය යුතුයි. ලෝකයේ සෑම තැනම තාක්ෂණය තියෙනවා. අපේ රටේ ලොකුම ප්‍රශ්නය මේ දේවල්වලදීත් කිසිම එකමුතුවක් නැහැ.
අන්තර්ජාතික තලයේ දේශීය සිනමාව තිබෙන ස්ථානය ගැන සතුටු විය හැකිද...?
අපේ දක්ෂයෝ ඉන්නවා. ඒත් ඔවුන්ට යන්න පුළුවන් දුර සීමිතයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අන්තර්ජාතික තලයට යන තෙක් අතදීමක් කරන්න අමාරු තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. ඒත් ඔවුන්ට අන්තර්ජාතික තලය දිනන්න කාගෙන් හෝ උදව් අවශ්‍යයි. අපේ රටේ හැටියට අපි කරලා තියෙන දේ ඇතියි කියලත් හිතෙනවා. ඒත් මීට වඩා අන්තර්ජාතික තලයට යන ක්‍රමයක් අපි සොයාගත යුතුයි. අපිට හොඳ ප්‍රමිතියක් තියෙන්න ඕන.
ඔබේ සිනමා ආගමනය සිදුවූ ආකාරය සිහිකළොත්.....?
උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයෙන් මම සිනමාවට ආවේ. ඒ අවස්ථාව හරිම අහඹු සිදුවීමක් කිව්වොත් හරි. අම්මා මටත් නොදන්වා ඇප්ලිකේෂන් එකක් දාලා තිබ්බා. ඒකට පිළිතුරු වශයෙන් ලිපියක් ගෙදරට ආවා. ඒ ලිපිය එද්දී චිත්‍රපටයට තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණය අවසන් වෙලයි තිබුණේ. සෙනසුරාදා සම්මුඛ පරීක්ෂණය තිබ්බානම් මට ලියුම ආවේ සඳුදා දවසක. අන්න ඒවගේ වැඩක් වුණේ. ඊට පස්සේ අම්මා කතා කරලා අධ්‍යක්ෂවරයා හම්බ වුණා. පසුව දන්වන්නම් කිව්වා. මම නිරූපණ ශිල්පියෙක් විදිහටත් හිටියනේ. ඔහොම ටික දවසක් ඉද්දී වෙළඳ දැන්වීමක රූගත කිරීමකදී රඟපාන්න ආසද කියලා එහි කැමරා අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන මහතා මගෙන් ඇහුවා. ඔහු කිව්වා අපි චිත්‍රපටයක් කරනවා කියලා. තව ටික කාලයක් ගිහින් මාව ඒ චිත්‍රපටයට තෝරාගත්තා . ඒක තමයි ‘හිරිපොද වැස්ස’ . එහි කැමරා අධ්‍යක්ෂවරයා තමයි එදා මගෙන් රඟපාන්න ආසද කියලා ඇහුව ජයනාත් ගුණවර්ධන මහතා. මාව තෝරාගෙන තියෙන්නේ අධ්‍යක්ෂවරයා වුණු උදයකාන්ත වර්ණසූරිය මහතාත් කැමරා අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන මහතාත් එකතුවෙලා පසුව කතාබහ කරගෙන. එහෙම තමයි මට මුලින්ම ‘හිරිපොද වැස්ස’ට සම්බන්ධ වෙන්න ලැබුණේ
ඔබේ මෝස්තර නිරූපණ කලාව පිළිබඳත් මතක් කළොත්..?
දැන්නම් ලොකුවට මෝස්තර නිරූපණය කරන්නේ නැහැ. ඉඳලා හිටලා ෂෝස් ටිකක් ආවොත් කරනවා. අන්තර්ජාතික තලයේ තරඟවලට ඉදිරිපත් වෙලා තිබෙනවා. එයින් ජයග්‍රහණ පවා ගෙනවා. ඒ අතර චිත්‍රපටවලට ගිය නිසා මෝස්තර නිරූපණය යම්තාක්දුරකට අතහැරුණා.
මෝස්තර නිරූපණයෙන් ලද ජයග්‍රහණ ගැන සිහිකළොත්....?
ඔව්, ජයග්‍රහණ කිහිපයක්ම ලබාගත්තා. 2001දී ර්ප: ඉපඪ තචදඬච කිරුළ ලබාගත්තා. 2002 දී ර්චද ඩ්භදබ ධ්දබඥපදචබඪධදචත ලංකාව නියෝජනය කරනවා. එහිදී ප්‍රථම වරට ලංකාවේ ඊධන 10 ඇතුළට එන්නේ මමයි. 2003දී ඕඥඵබ ර්ධඤඥත ර්‍ණට බඩඥ එධපතඤ තරඟය තිබ්බා තුර්කියේ. එහිදී ලොව 03 වැනි ස්ථානයට එන්න පුළුවන් වුණා. පසුව 02 වැනි ස්ථානය ලැබුණා. 2006දී සිංගප්පූරුවේ ර්ප: ධ්දබඥපදචබඪධදචත ගියා. එහි 08වැනි ස්ථානය ලැබුණා.
ටෙලිනාට්‍ය කලාවට ඔබේ දායකත්වය අඩුබවක් පෙනෙනවා...?
මගේ මුල් කාලයේ නම් ‘වසූදා’ , ‘කාව්‍යා’ වගේ ටෙලිනාට්‍යවල රඟපෑවා. ඒවා ජනප්‍රියත් වුණා. ඊටපසුව ‘රන් සමනළයෝ’ ටෙලිනාට්‍යයට රංගනයේදී දායකවුණා..මේ ළඟදී ටෙලිනාට්‍ය 02කට රංගනයෙන් දායක වුණා. එකක් ධනුෂ්ක රත්නායකගේ ‘ඛ්උ’. අනික මේනක රාජපක්ෂගේ ‘අහස්’ කියලා ටෙලිනාට්‍යයක්.
අලුතින් දායක වූ චිත්‍රපට මොනවාද...?
ඇලරික් ලයනල් ප්‍රනාන්දු නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ‘සඳ තාරකා’ නම් චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකේ නම සමහරවිට වෙනස්වේවි. ඒක රොමෑන්ටික් චිත්‍රපටයක්. ඒවගේම චන්න පෙරේරාගේ ‘ඉබචප ජ්පඪඥදඤ’ කියලා ළමා චිත්‍රපටයකට දායක වුණා.
රඟපාන්න ආසාවෙන් ඉන්න විශේෂ චරිතයක් තියෙනවද...?
පොලිස් නිලධාරියගේ චරිතයක් කරන්න ආසයි තවම ඒ අවස්ථාව ලැබිලා නැහැ.
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද..?
වේදිකාවට සම්බන්ධ වෙන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට විශාල කාලයක් අවශ්‍යයි. ඒ වගේම විශාල කැපකිරීමක් කරන්න ඕන. කාලය එක්ක මට එහෙම වේදිකා නාට්‍යවලට දායකවීමේ ප්‍රශ්නයක් තියෙනවා. ආරාධනා නම් කිහිපයක්ම ආවා.
ටෙලිනාට්‍ය-චිත්‍රපට නිෂ්පාදනයට අදහසක් නැද්ද....?
අනේ නැහැ. රඟපාලා හිටියාම ඇති කියලා හිතෙනවා.
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මෙගා රැල්ල ඔබ දකින්නේ කොහොමද....?
මෙගා රැල්ල නම් කිසිම තේරුමක් නැති දෙයක්. මෙලෝ රහක් නැති දෙයක්.ටෙලිනාට්‍යවල කොටස් ගණන තීරණය වීමේදී කොටස් 100කින් අවසන් වෙන්න ඕන කියලා යම් කළමනාකරණයක්, සැලැස්මක් ඇතිවෙනවා නම් හොඳයි. චැනල්වලින් ටෙලිනාට්‍ය ඇදගෙන යනවනේ. හොඳටම කළ ටෙලිනාට්‍ය එපාම වුණු ටෙලිනාට්‍ය වෙනවා. එහෙම ගොඩාක් ටෙලිනාට්‍යවල අවසානයක් නැහැ. ආරම්භය සහ අවසානය පැහැදිලිව තියෙන්න ඕන. ඒත් මේ මෙගාවල එහෙම පිළිවෙළක් නැහැ. ගුණාත්මක බවකුත් නැහැ. ටෙලිනාට්‍යයක් කරද්දී කොටස් 25කට 30කට සැලසුම් කරන්න ඕන.
උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපටවල ඔබේ රංගනයන් බොහෝ ප්‍රේක්ෂකයෝ වැලඳගත්තා. උදයකාන්ත ගැන ඔබේ අදහස....?
ඇත්තටම මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඔහු නිසා මගේ ජනප්‍රියත්වය සිය ගුණයකින් වැඩිවුණා කිව්වොත් හරි. මම ඔහුට ණයගැතියි. අහම්බයක් ලෙස හිරිපොද වැස්සට සම්බන්ධ නොවුණානම් අද සමහරවිට රොෂාන් රණවන කෙනෙක් නැතිවෙන්න පුළුවන්. උදයකාන්ත මහතාගේ ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටය මට විශේෂයි. මොකද රොෂාන් රණවන කියන සන්නාමය (ඕපචදඤ එක) හැදුණේ ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටය නිසා. ඒක බොහෝ ප්‍රේක්ෂකයෝ අතරට ගියා. ලාංකේය වාණිජ සිනමාවේ රොෂාන් රණවන කියන නළුවා ජනප්‍රියත්වයේ ඉහළටම ගෙනගියේත් රොෂාන් රණවන මෙරට සන්නාමයක් හැදුණේත් මේ චිත්‍රපටය නිසා. ඒ වෙනුවෙන් මම උදයකාන්ත වර්ණසූරිය මහතාට ඇත්තටම ණයගැතියි. මම ප්‍රේක්ෂකයා අතරට ගියේත් ඔහුගේම ‘හිරිපොද වැස්ස’, ‘ආසයි මං පියාඹන්න’ , ‘චැලේන්ජර්ස්’ වගේ චිත්‍රපටවලින්.
පවුලේ විස්තර කිව්වොත්....?
මගේ බිරිඳ කුෂ්ලාණි රණවන. පුතා මිනෙත් රණවන. බිරිඳ කලින් රැකියාවක් කළා. බබා ලැබුණාට පස්සේ රැකියාවෙන් ඉවත් වුණා. අපේ අම්මාත් ඒ කාලයේ අපිව බලාගන්න ඕන නිසා රැකියාවෙන් ඉවත් වුණා වගේ මගේ බිරිඳත් දරුවා බලාගන්න රැකියාවෙන් ඉවත් වුණා.