දුෂ්කර පාසල්වල දරුවන්ට පොත් ලබාදීම

සැප්තැම්බර් 21, 2023

සිහින බලකා තරුණ සංවිධානය සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එක්ව පසුගිය 15 වැනි දින සිට එළැඹෙන 30 වැනි දින දක්වා දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් පොත් පින්කමක වැඩපිළිවෙළක් සංවිධානය කොට ඇත.

සම්බුද්ධික ආදරණීය ජන සමාජයක් ගොඩනැඟීම උදෙසා ඔබ කියවා අවසන් කළ පොත් හෝ අලුත් පොත් දුෂ්කර පාසල් දරුවන්ට ලබාදීම සඳහා වන පොත් පින්කමක වැඩපිළිවෙළට

පරිත්‍යාගශීලියකු වන ලෙස ඔබ සතු පොත් ළඟම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීන්ට ලබාදෙන ලෙස සංවිධායක කමිටුව ඉල්ලා සිටියි.