එම්.එස් අලිමාන් සමුගනී

සැප්තැම්බර් 21, 2023

ප්‍රවීණ සිනමා සංස්කරණ ශිල්පී එම්.එස්.අලිමාන් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 77 වැනි වියේ පසුවිය. ඔහු කොටිවලිගය, නොම්මර 17, සඳකඩ පහණ, කළු සුදු මල්, ඔබටයි පි‍්‍රයේ ආදරේ, රජවැඩකාරයෝ, ලෙෆ්ට් රයිට් සර්, පයිලට් ප්‍රේම්නාත් වැනි චිත්‍රපට රාශියක සංස්කරණ ශිල්පියාය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා උල්හිටිවල, මල්වාන මුස්ලිම් සුසාන භූමියේදී සිදුකෙරිණ.