විමුක්තිගේ ‘අහසින් වැටෙයි’ හෙට සිට PVR සිනමාහලේ

සැප්තැම්බර් 21, 2023

1972, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානයට පසුව ඉතාලියේ වැනිස් චිත්‍රපට උලෙළේ(Venice Film Festival)) තරගකාරී අංශයේ රන් සිංහ සම්මානය සඳහා නිර්දේශ වූ ශ්‍රී ලාංකේය එකම චිත්‍රපටය විමුක්ති ජයසුන්දර තිර රචනයකර, අධ්‍යක්ෂණය කළ ‘අහසින් වැටෙයි’ චිත්‍රපටයයි.

ස්පාඤ්ඤයේ බාසිලෝනා (Barcelona) හි පැවති ආසියානු සිනමා උලෙළේ හොඳම සිනමා කෘතියට හිමි NETPAC  සම්මානය හිමිකර ගන්නේ ද ‘අහසින් වැටෙයි’ චිත්‍රපටයයි. 

 ‘අහසින් වැටෙයි’ හෙට 22 සිට PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරේ.

තුසිත් ලක්නාත්, කෞෂල්‍යා ප්‍රනාන්දු, හන් ගුලු, ස්ටීව් ඩිලා ද සිල්වා, ඩබ්ලිව්. ජයසිරි, ජෝ අබේවික්‍රම, සම්පත් ජයවීර, දසුන් පතිරණ, දේවි සකුන්තලා, නිනෝ අරලිය, දනුක දිල්ශාන් රංගනයෙන් එක්වෙති. කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලාල් හරින්ද්‍රනාත්, සංගීත සංයෝජනයෙන් ජෝශප් ඩී සේරම්, සහය අධ්‍යක්ෂණයෙන් අශෝක ආතාවුදහෙට්ටි, ලක්රුවන් විතානගේ ද, නිෂ්පාදන කළමණාකරණයෙන් දීපාල් ගුණරත්න ද දායක වෙති. නිෂ්පාදනය චන්දන අලුත්ගේ සමඟින් අනුර සිල්වාගෙනි.

‘අහසින් වැටෙයි’ සිනමා කෘතිය පිළිබඳ, දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත ‘විමුක්තිගේ පැතලි යථාර්ථය’ ග්‍රන්ථය අද 21 දින ජනගත වන අතර ග්‍රන්ථය විශේෂ වට්ටම් සහිතව එදින මිලදී ගත හැකිය. ‘අහසින් වැටෙයි’ ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රකාශනයකි.