වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
සිනමාවේ උන්නතිය වෙනුවෙන් කැප වෙමු

ටිකිරි සිනමාහල, සිනමා වාර්ෂිකය, නිවාරණිත සිනමාව,හේතු පාඨ ප්‍රකාශය,අධ්‍යන වැඩමුළුව වන් නන් විධ පාරිභාෂිතයන් සහිත ජාතික සිනමා සංස්කෘතියක නිමැවුම්කරුවණන් වන ස්වර්ගස්ථ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ අනු දෙවැනි ගුණානුස්මරණය සමගාමීව ලාංකේය සිනමාවේ ඉදිරි දැක්ම යන මැයෙන් වැඩමුළුවක් පසුගිය දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. මේ සඳහා සිනමාවට සම්බන්ධ විශාල පිරිසක් සහභාගි වූහ. 1965 වර්ෂයේ සිනමාව සදහා සේවයක් කිරිම වෙනුවෙන් පෝරුතොට පියතුමා පියවර එසවිය. ඉන්පසු 1970/71 අන්තර්ජාතික චිත්‍රපට සංගම් සභාව පිහිට වීම, 1972 ජාතික කතෝලික චිත්‍රපට සංගමය අරම්භ කිරීම. 1972 ර්‍ණඛ්ධ්ඛ් සිනමා පර්ෂදය බිහිවිමත් සමඟ කලා නිර්මාණ වෙනුවෙන් කැපවෙන සියලුදෙනාව ඇගැයීමට පත්රවිය. ර්‍ණඛ්ධ්ඛ් සිනමා පර්ෂදය හරහා මේවන විට ලාංකේය සිනමාව වෙනුවෙන් දායාද කළ නිර්මාණ ශිල්පින් රැසකි. උන්වහන්සේ නිර්මාණශීලීන් වෙනුවෙන් හැම විටම පෙනී සිටියහ. මුළු මහත් කතෝලික සභාවක් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ක්‍රිස්තු චරිතය විරුද්ධ වෙද්දි එයට මැදිහත්වී එය නිර්මාණය කිරිමට පසුබිම සකසා දුන්හ. 1988 කතෝලික මාධ්‍ය කේන්ද්‍රය බිහිකිරීම සමඟ නව පිබිඳීමක් සමාජය තුළ ගොඩ නැඟෙන්නට විය. අර්නස්ට් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථ වීමෙන් පසු එතැන් පටන් ඇරැඹී ගමන මේවන විට එහි වගකිම ගරු සිරිල් ගාමිණි පියතුමා වෙත පැවරුණි.
එහිදි අදහස් දක්වමින් සිරිල් ගමිණි පියතුමා කියා සිටියේ. සිනමාව කර්මාන්තයක් වශයෙන් ගොඩනැඟීමට නම් කර්මාන්තය ඉදිරිපස සහ පිටුපස සිටින සියලු දෙනම වැදගත්බවයි. 70/80 දශක සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්නුවත් අද තාක්ෂණය අතින් ඉදිරියට ඇවිත් ඇති බව තෙරුම් නොගෙන ඇති බවයි. මේ හේතුන් නිර්මාණශිල්පීන් ලෙස තෙරුම් ගැනීම අද ඉතාමත් වටින බවත් ඒ නවීණ තාක්ෂණයත් සමඟ නිර්මාණ කරළියට පැමිණිය යුතු බවයි පියතුමා සඳහන් කළේ. තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තාක්ෂණය පාවිච්ච් කරලා බිහිවන කෘතින් සිනමාත්මකද කියලා තිරණය කරන්න තාක්ෂණයට බැරි බවත් ආගම මුල්කරගෙන බිහිවු නිර්මාණ බිහිවෙලා තියෙන්නේ අර්බුදකාරි පරිසරයක් තුළය. අද මේ පරිසරයේ ජීවත්වන සියලු දෙනා සිතිය යුත්තේ සිනමාව අද තියන තැනට වඩා ඉහළින් ඔසවා තබන්නට එහි නියළෙන්නන් පරිණත වෙන්නේ කොහොමද කියන එකයි. එමෙන්ම සිනමාවේ ප්රගමනය වෙනුවෙන් ආණ්ඩුවට භාරදිල වැඩක් නොවන බවත්ය. එහි ඉදිරි සැකසිම ක්ෂේත්රයේ ජීවත්වන අප විසින් කළයුතු බවයි. රටක චිත්‍රපට සංස්ථාවක් තිබුණාට එහි සිටින කිසිදු අයකුට අවශ්‍යතාවක් නොමැත සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනගන්නට. ලෝක මට්ටමට යා හැකි සිනමා කෘතින් මෙතාක් කල් බිහිවුණේ සිනමාකරුවන්ගේ උත්සාහය නිසායි. ඒ සියලු විචක්ෂණශීලී පුද්ගලයන් අද නවීන ලෝකයේ තමන්ගේ අරමුණ කරා යන්න නම් එකපාරට දෙපාරක් ඒ මාවත් හෙලිපෙහෙළි කරගත යුතුව ඇත. අපි කියන 70/80 දශකවල සිනමා පට ප්‍රදර්ශනය වන විට පුවත්පත්වල සිනමා ශාලාවල නාමාවලිය කෙළවර හොයාගන්න බැහැ. ඒත් අද වන විට තත්පර පහකට සියල්ල කියවලා ඉවරයි. සිනමාලෝලීන් සිනමාශාලාවලට ඇදි නොයන්නට හේතු මොනවද කියලා හොයන් නැතුව නිර්මාණ බිහිකරලා පලක් නෑ. වර්තමානය වන විට නව ප්‍රවණතාවයක් බිහිවෙලා තියනවා .පුළුල් තිරය වෙනුවට ගෙදර ආලින්දයේ ඉඳගෙන ටෙලි සිනමාපට රසවිඳීන සංස්කෘතියක් බිහිවෙලා. සිනමා පටයක් හදන්නේ රූපවාහිනියෙන් බලන්න නොවේ. පුළුල් තිරයේ බලන්නයි. ඒ හේතුවෙන් සිනමා නිර්මාණකරුවාගේ සහ චිත්රපටශාලා හිමියන්ගේද සාර්ථකත්වය ගිලිහි ගෝස් ඉවරයි. ඉස්සර පවුලක් ලෙස සිනමා පටයක් රසවිඳින්න ගියත් අද ඒ සියල්ල ගිලිහි යෑම කාර්මාන්තයක් වශයෙන් ගොඩනැඟීමට ඇති ප්‍රබල බාධාවකි.
තව පැත්තකින් ගත්තාම නගරය තිබෙන සිනමා ශාලාවල ගැටලු රාශියක් පැන නඟිනවා. ආසනය වෙන් කර ගන්න තැන ඉදන් මේ වගේ ප්‍රශ්න රාශියකට පේ්රක්ෂකයාට මුහුණදෙන්න වෙලා. ඒවාට විසඳුම් පේනතෙක් මානයක නෑ. තව පැත්තකින් නිර්මාණ බිහිකරන්නේ අන්තර්ජාතික සම්මානයක් බලාපොරොත්තුවෙන් වෙනත් ජුරි සභාවක් සඳහායි. මේ හේතුන් නිසා චිත්‍රපට කලාවේ තියෙන වටිනාකම නැතිවෙනවා. ඒ නිසා ඒ සියලු දෙවල්වලට පිළියම් සෙවිය යුතුයි. ප්‍රේක්ෂකයාට රසවිඳින්න පුළුවන් කෘතින් බිහිකළ යුතුයි. ජුරියක් විසින් පිරිනමන සම්මාන සහතික වෙනුවට ප්‍රේක්ෂකාගාරයට සම්මාන ලබාදිමේ ඉඩකඩ සැකසුණොත් හොඳ නිර්මාණ බොලිවුඩ්, හොලිවුඩ් සහ කොලිවුඩ් තරමට බිහිවීම සිදුවෙයි. නිර්මාණකරුවන් එවිට නිර්මාණ බිහිකරන්නේ ප්‍රේක්ෂකාගාරයේ සම්මාන බලාපොරොත්තු නිසායි. අවසාන වශයෙන් සිරිල් ගාමිණි පියතුමා සඳහන් කළේ ක්ෂේත්රයේ දියුණුව තීරණය කළයුතු වන්නේ ක්ෂේත්රයේ ජීවත්වන නිර්මාණවේදින් බවත්, එසේ නොවුණොත් විනාශ වන්නේ කලාවට සම්බන්ධ සියලුදෙනාම බවයි.
ප්‍රවීණ ටෙලි නාට්‍ය හා සිනමා අධ්යක්ෂ සුදත් මහදිවුල්වැව එහිදි අදහස් දක්වමින් කියා සිටියේ,
සිනමාව වෙනුවෙන් මම එන්නේ මගේ සියලු දේවල් විකුණලා. මම ක්ෂේත්රයට ආපුකාලේදි නොයකුත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වුණා. ඒ මගේ ධවල රාත්‍රිය ටෙලි නාට්‍ය විකාශය කරගන්න අවස්ථාව රූපවාහිනි නාලිකාවෙන් ප්‍රතික්ෂේප කළ මොහොතේ. මේ සියල්ලටම මට පෝරුතොට පියතුමා මැදිහත්වෙලා මට විසඳුම් ලබාදුන්නා. නිර්මාණයකින් මිනිසුන් කොච්චර පරිවර්තනයක ගෙනියන්න පුළුවන්ද කියලා මම තෙරුම් ගත්තේ පියතුමා මට කියාදුන්න දෙවල් හා රසවින්දය මුල් කරගත් නිර්මාණ සමාජගත කිරීමෙන්.
පෝරුතොට පියතුමා තරුණ නවකයන් වෙනුවෙන් අත හිත දෙන්නට කිසි දිනක මැළි නොවූවා. මාධ්‍යයට අලුතින් එන ඔවුන්ව හඳුනා ගැනීම හා ඔවුන්ගේ සහජ දක්ෂතාවයන් පියතුමා මැනවින් වටහා ගත්තා. ඒ සියලු දෙනාටම පියතුමාගේ ආශිර්වාදය ලැබුණා. මා ඇතුළු දී.ග සෝමපාල, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සමඟ විශාල තරුණ පිරිසක් සිනමාවේ නිරතවන්නට ආභාසය ලැබුණේ පෝරුතොට තුමාගේ සෙවණ නිසා කියන එක මට කියන්න පුළුවන්. පියතුමා ආරම්භ කළ සිනෙසිත් සිනමා සඟරාව නවක පරම්පරාවට සිනමාව ගැන අධ්‍යයනය කරන මහත් පිටිවහලක් වනු ඇත. සොයාගෙන කියවීම තරම් වටිනා දෙයක් නැති බවයි මට ඒ සියලුම තරුණ පරම්පරාවට කියන්න තියෙන්නේ. නවක පරම්පරාව අර්නස්ට් පෝරුතොට පියතුමා ගැන මේ වෙන කොටත් දන්නැති පිරිස් ඉන්නවා. ඒත් සිනමාවේ නිරත වෙනවා. මම ඔවුන්ට දෙන එක අවවාදයක් තමයි පියතුමාගේ සිනමා කතිකාව කියවා හොඳීන් තේරුම් ගන්න කියන එකයි. එසේ වුණොත් සිනමාවේ ස්වර්ණමය යුගයක් බිහි කරන්නට තරුණ ජවයක් ඇති වෙයි කියලා මට හිතෙනවා. නවක සිනමාවේදීන් ඇගයිමට එතුමා ගත් ඕසීඅයිසී සම්මාන උළෙල,අද මොන තරම් වටිනවා උළෙලක් බවට පත්වී තියෙනවද. සිනමාපටයක් කොපමණ බලසම්පන්න ද සිනමාපටයක් නැතුව අපට ජීවත් වන්න පුළුවන් ද යන කාරණාව දිග පළල අරගෙන බලපුවාම එහි ගැඹුර තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අලුතින් සිනමාපට අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂකවරුන්ට සිනමාපටයේ සියලු කටයුතු ඉවර උණාට පස්සේ ඇතිවන ගැටලුව තමයි මේක ආදායම් උපයයි ද තිරගත වීම හොඳට සිදු වෙයිද කියන එකයි. ලෝකයේ සිනමාව සම්බන්ධ අරමුදල් තියෙනවා. ඒ සියලු දේවල් ස්ථාපිත කරන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ එකතු වෙලා. එයට සෘජුවම ව්‍යාපාරික ප්‍රජාවක් මැදිහත් වීමෙන්ය. ඒ නිසා ඒවා කිසිදිනක කඩා වැටීමකට ලක් නොවනවා.
*ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ එහිදී අදහස් දක්වමින් සදහන් කළේ. බොහෝ තරුණ නළු නිළියන් රට හැරයාමට උත්සාහ ගන්නා බවයි. බොහෝ නිෂ්පාදකයන් නිෂ්පාදන කටයුතු අතහැර දැමීමට තීරණය කරනවා. රටේ පවතින ආර්ථික වාතාවරණය සහ අනාගතය බලපෑම නිසාවෙන්. එහෙත් සිනමා කර්මාන්තය නිසා වසරකට උපයන මුදල ලංකාවේ බිලියනයක් පමණයි. එයට දායක වන්නේ බොලිවුඩ්, කොලිවුඩ්, හොලිවුඩ් සහ සිංහල සිනමාවයි.
කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීමට නම් බිලියන 3 දක්වා ස්ථාපිත කළ යුතුයි. 2022 අප්‍රේල් 12ට පෙර සිනමාපට නැරඹු ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවේ සිටියේ මිලියන 1.1කි.පාස්කු ප්‍රහාරයට ප්‍රථම බිලියන7 ක්ද ඉන්පසු මිලියන 5.55 යන ප්‍රමාණය ද ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු වීමත් දක්නට ලැබෙනවා. රටේ පැවැති ආර්ථිකමය කරුණු නිසා සිනමාව පසුබෑමකට ලක් වුණා කියලා මේ දත්ත තොරතුරුවලින් සඳහන් කරන්න පුළුවන්. ලක්ෂයක් ප්‍රේක්ෂක ප්‍රමාණයක් සිනමාපටය නැරඹුවා නම් කෝටි පහක ආදායමක් ලැබිය හැකියි. එමෙන් ම ප්‍රේක්ෂකයාට සිනමාපටය නැරඹීමට තියෙන ප්‍රවේශ පත්‍රයේ මිල ඉහළ යාම නිසා ඔහුට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් මුහුණපෑමට සිදුවී තිබෙනවා.