වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
Lockdown වෙතින් ටෙඩිබෙයාර්ස්
සැප්තැම්බර් 14, 2023

නිල් සංජීව හා සංගීත් අල්ගම නිෂ්පාදනය කළ සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ Lockdown සිනමාපටය නැරැඹීමට පැමිණෙන කුඩා දරුවන් හට ඉතා වටිනා ටෙඩි බෙයාර් කෙනෙක් ලබා දීමට Lockdown සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම තීරණය කර තිබේ. කුසපත් ඇදීමක් මඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම කාර්යයේ දී එක් සිනමාශාලාවක එක් දර්ශනයක් තුළ දී ටෙඩිබෙයා දෙදෙනෙකු ලබාදීම සිදුවේ. චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ඇතුළු නළු නිළියෝ මේ සෑම දර්ශනයක් සඳහාම සහභාගි වෙති.