ඉන්ද්‍රකීලයක් සේ දොරට වඩී

අගෝස්තු 31, 2023

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදීනි ප්‍රියන්තනී ගමගේ යහම්පත් විසින් රචිත ‘ඉන්ද්‍රකීලයක් සේ’ කෘතිය පසුගිය දින ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරිණි. එහි මුල් පිටපත සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී.ප්‍රේමසිරි මහතා කතුවරියට පිරිනැමීමෙන් අනතුරුව කතුවරිය තම දෙමාපිය දෙපළට පිරිනැමීය. එදින මුඛ්‍ය දේශනය රජරට විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර මහතා විසින් පවත්වන ලදී. ගුවන් විදුලි ඉතිහාසයේ ගුවන්විදුලි මාධ්‍යවේදිනියක විසින් රචිත පළමු කෘතිය ලෙස මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එය හැඳින්වීය.