සොප්පන සුන්දරී රිදී තිරයේ

අගෝස්තු 31, 2023

ලාංකික දෙමළ සිනමා පටයක් වූ ‘සොප්පන සුන්දරී’ පසුගිය 25 වැනිදා සිට සිනමා ශාලා 07ක ප්‍රදර්ශනය ඇරැඹිණි. දෙමළ තරුණ පිරිසක් විසින් නිර්මාණය කරන ලද ‘සොප්පන සුන්දරී’ අධ්‍යක්ෂණය සහ සංස්කරණය මාතවන් මහේෂ්වරන්ගෙනි. නිෂ්පාදනය ස්ටුඩියෝ M3 වෙනුවෙන් කජනන් කයිලයිනාදන්, මාතවන් මහේෂ්වරන් හා ජොයෙල් ක්‍රිෂ්ය. කතාව තිර රචනය ජොයෙල් ක්‍රිෂ්, කැමරා අධ්‍යක්ෂණය චමල්, එම්.වික්‍රමසිංහ, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ, ශබ්ද සංකලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සහය අධ්‍යක්ෂණය නරේෂ් නාගෙන්ද්‍රන්, ජොයෙල් ක්‍රිෂ්, නිෂ්පාදන කළමනාකරණය ජෙනෝෂන් ජෙයරත්නම් හා අෂ්නාත් මොහොමඩ්ගෙනි. සංගීත අධ්‍යක්ෂණය ජීවනන්දන් රාම්ගෙනි.

කජනන් කයිලයිනාදන්, ජොයෙල් ක්‍රිෂ්, නරේෂ් නාගේන්ද්‍රන්, මාතවන් මහේෂ්වරන්, තනුෂන් චෙලවනාදන්, වරුන් තුෂාන්තන්, ජෙමෝෂන් ජෙයරත්නම්, නිරංජනි ෂන්මුගරාජා, පර්ලිජා ජෙයරාජ් රංගනයෙන් එක්වෙති.