සකඳමලී එළිදකී

අගෝස්තු 31, 2023

නියෝකා සුභාෂණි සුබසේනගේ නවතම ගීතය ‘සකඳමලී’ පසුගිය දින සයිබර් අවකාශයට දිගහැරුම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී විශේෂ ආරාධිත අමුත්තන් සහ කලාකරුවන් පිරිවරාගෙන සිදුකෙරිණ. එහි මුඛ්‍ය දේශනා ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර හා ගේය පද රචක කුමාර ලියනගේ පැවැත්වූහ. සකඳමලී ගේය පද රචනය හසිත එරංග වලමගෙදර, ගී තනු හා සංගීතය හසන්ත ජයලාල් හා රූප රචනය රවීන්ද්‍ර මුණසිංහගෙනි.