සමන්තිට සහ මානෙල්ට උපහාර

අගෝස්තු 31, 2023

ප්‍රවීණ රංගන ශිල්පිනීන් දෙපළක් වන සමන්ති ලැනරෝල් ට සහ මානෙල් චන්ද්‍රලතා ට උපහාර උත්සවයක් එළැඹෙන 02 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී පැවැත්වේ. ‘ස්වර්ණ රැයක්’ නමින් නම් කොට ඇති මේ උපහාර උලෙළ ශ්‍රී ඩ්‍රීම්ස් රුක්මණී දේවි කලායතනය මඟින් සංවිධානය කරයි.

60, 70, 80, 90 දශකවල සමන්ති ලැනරෝල් සහ මානෙල් චන්ද්‍රලතා රංගනයෙන් එක්වූ සිනමාපටවල ගීත ඇතුළත් ගීත විස්සක් එදින ගායනා කරන අතර, ඔවුන් ඒ සඳහා පෙනී සිටි රූපරාමුද ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

රූපා ඉන්දුමති, කුමුදුනී අධිකාරි, නිලූෂි හල්පිට, ලක්ෂිකා ෆොන්සේකා, රේණුකා නිරංජනී, චන්ද්‍ර රණතුංග, නුවන් විජය ශ්‍රී, සිරිල් ප්‍රසන්න, හේමාල් ධර්මප්‍රිය සමඟ ‘එන්ජල්ස් සංගීතයට’ ගායක ගායිකාවෝ රැසක් එදින ගීතවත් වෙති. නර්තනය උදය කුමාර ඇල්පිටිය සමඟ සුමුදු ජයවර්ධනගෙනි. ස්වර්ණ රැයක් ප්‍රසංගය නොමිලේ පැවැත්වෙන අතර සියලු ප්‍රේක්ෂකයන්ට සහ කලාකරුවන්ට සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි.