වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
මිදුණු විශ්වය දින 75 යි

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ රුවන් ජයසිංහ ගේ නිෂ්පාදනයක් වූ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටය එළැඹෙන 3 වැනිදා දින 75 පසුකරයි. උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න, චූලක්ෂි රණතුංග, බුද්ධික ජයරත්න ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත නිරූපණ සඳහා ප්‍රවීණ, ජනපි‍්‍රය රංගන ශිල්පී ශිල්පීහු රැසක් එක්වෙති. මෙහි රූගත කිරීම් රැසක් ලේක්හවුස් ආයතනය තුළද සිදුකෙරිණ. එහිදී ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු ඩබ්ලිව්.ඒ.ඒ.නිශාන්ත සහ ඩබ්ලිව්.ඩී.ටී.තරංග ද මේ චිත්‍රපටය සඳහා එක්වීමට සුවිශේෂී වරම් හිමිකර ගත්හ. ජයන්ත චන්ද්‍රසිරි මේ චිත්‍රපටය සරසවිය පුවත්පත වෙනුවෙන් පුද කිරීම විශේෂත්වයකි.