හිරු ටෙලිවිෂන් විවාහ මංගල්‍යය

අගෝස්තු 24, 2023

ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටීවී නාලිකාව මඟිින් සංවිධානය කරනු ලබන මංගලම් වසරේ මහා ටෙලිවිෂන් විවාහ මංගල උත්සවයේ පස්වන පියවර එළැඹෙන නොවැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ හා ඩබල් ට්‍රී හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස් හි දීය. මේ විවාහ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එහි සංවිධායක මණ්ඩලය සහ හිරු ටීවී නාලිකාව සරසවියට පැවසීය.