වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අතීත මතක සොයා

අවුරුදු ගාණකට පස්සේ නිෂ්පාදිකා, රංගන ශිල්පිනි නුවනි වලිමුනි ගමේ ගිහිල්ලා තියෙනවා. පුංචි කාලේ මාමලාගෙ දරුවොත් එක්ක සෙල්ලම් කරපුවා, ළමා කාලයේ විඳපු සහෝදරකම්, පොල් කටු බත් උයපුවා සහ කෝම්පිට්ටු හදපුවා වගේම බින්කුන්ඩෝ නටවපුවා හා චක්ගුඩු පැනපු කතන්දර ඒ අතර ගොඩයිලු, ඒ ඇරුණාම ඇය රෙකොඩ් කළා වගේ කියෙව්වා කියල තමයි ළඟම හිටපු කෙනෙක් කිව්වේ.
ඒත් එක්කම ළඟ හිටපු කෙනෙක් කිව්වලු ඇයි නාන්න ගිහිල්ලා ගිලෙන්න ගිය කතාවයි. ගහෙන් වැටුණ දවසයි කියන්නේ නැද්ද කියලා ඇහුවලු,
ගහෙන් වැටුණ කතාව කිව්වා විතරයිලු ආව හිනාව නවත්වා ගන්න බැරුව නුවනිට පිටඋගුරෙත් ගියාලු, කොහොම වෙතත් කට්ටියම එකතු වෙලා පරණ ගැට කඹේ අදිමු කියලා පෙළට සූදානම් වුණා කියලා නම් ආරංචියි. එදා ගැට කඹේ අදින විට අල්ලගන්න පුළුවන් වුණාට අද ගැට කඹේ අල්ලගන්න අමාරුවෙලා. ඒ එකාට එකා අලි පැටවු වගේ මහත් වෙලා නිසයි. කොහොම හරි අමාරුවෙන් කඹේ ඇදලා තියනවා ඇත්තු නැතුවම.