වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
පොත් නැතුව බැහැ

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින රංගන ශිල්පී ශ්‍රීනාත් මද්දුමගේ ගේ පුස්තකාලය එහෙම්පිටින්ම පසුගිය කාලයේ පොත් තුන්දහසකට අධික සංඛ්‍යාවක් සමඟ ගින්නකින් විනාශ වුණ. මේ කතන්දරය මතකයට ආවේ පසුගිය දවසක ශ්‍රීනාත් මද්දුමගේගේ දුක සැප සොයා බලන්න සරසවිය කර්තෘ කෝල් එකක් දුන්න නිසයි. ඒ අවස්ථාවේදී හෘදයාබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි ශ්‍රීනාත් කිව්වේ. රෝගී තත්ත්වය සුව අතට පත්වෙමින් සිටින මොහොතක ඔහුගේ පොත් තුන්දාහක් පමණ ගිනි ගත්තත් ඔහු පොත් කියවන එක ඒ අවස්ථාවේද නතර නොකර සිටි බවයි අපට කිව්වේ. ඒ වනවිටත් ඔහු මලල්ගොඩගේ කෘති එකතුව කීයවමින් සිටින බවයි කිව්වේ. පොත් ලක්ෂ ගාණක් ගිනි ගත්තද කියවන්නෙකුගේ පොත් කියවීම නතර කළ නොහැකිය.