වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
වසන්තාගෙන් ජන ගී දහසක්

සඳ සාවී මා ගීතය ඇතුළුව ජන ගී ආරේ ගී රැසක් ගායනා කළ ජන ගී පර්යේෂිකා විශාරද වසන්තා මධුරාංගනී සුවිශේෂී ක්‍රියාවකට යොමු වී ඇත. ඒ, හෙළ ජන ගීය තව දුරටත් රැක ගැනීමේ පරමාර්ථයෙන් යුතුව, ඇය පර්යේෂණ මට්ටමෙන් හා පොත පත ඇසුරින් එක් රැස් කර ගත් වටිනා ජන ගී දහසක් ඇය විසින් නිර්මිත සඳ සාවී යූ ටියුබ් නාලිකාව තුළින් සයිබර් අවකාශයට මුදා හැරීමයි. ලයනල් රන්වල ශූරින් ඇසුරින් ලද පන්නරයෙන් හා විද්වත් ඇසුර තුළින් සොයා ගත් සමාජගත නොවූ දුර්ලභ ජන ගීත ද මේ සඳහා එක් කර ඇත. මේ වන විට රන්වල බලකායේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක හා සංගීත ගුරුවරියක ලෙසින් කටයුතු කරන වසන්තා, සංගීත විෂය හදාරන දරු දැරියන්ටත් ජන ගී පර්යේෂණ සඳහා යොමු වූවන් හා ජන ගී නාද මාලා ඇසුර යොදා ගන්නා සංගීතවේදීන්ට ද නිවැරදි නාද මාලා අනුවම ගැයෙන මේ ජන ගී දහස මහෝපකාරී වනු ඇතැයි විශ්වාස කරන අතර, කෙතරම් වෙහෙස කර කටයුත්තක් වුවද අනාගත පරපුර වෙනුවෙන් මෙය කළ යුතුම බව ඇය තව දුරටත් පවසා සිටී.