කැලණිය විද්‍යාර්ථීන්ගෙන් කෙටි චිත්‍රපට

ජුනි 1, 2023

ශ්‍රී ලාංකේය සිනමාවට ශත වර්ෂයක් පිරීම සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයට දශක පහක් පිරීම නිමිති කොටගෙන ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි දෙවන වසර සිනමා හා රූපවාහිනී මාධ්‍ය අධ්‍යයනය හදාරන විද්‍යාර්ථීන් විසින් ශ්‍රී ලාංකේය දෙමළ සිනමාලෝලීන්ට පර්යේෂණාත්මක වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත. වැල්ලවත්ත, යාපනය, බදුල්ල සහ මුතුර් ප්‍රධාන නගර හතරක් මුල් කරගෙන මේ වාර්තා චිත්‍රපටය රුපගත කෙරිණි.

එය පසුගිය 17 වැනිදා දමිළ සිනමාලෝලීන් වෙනුවෙන් ඒළිදැක්වුණි. එය පාදක කොට ගනිමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සෝමරත්න ‘ජෝකර් සාමි’ නම් දමිළ භාෂිත වෘත්තාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ‘ජෝකර් සාමි’ දමිළ භාෂිත වෘත්තාන්ත චිත්‍රපටය පිළිබඳ හඳුන්වා දීමක් කෙටි සිනමාපටය එළිදැක්වුණු දා සිදු කෙරිණි. වැල්ලවත්ත, යාපනය, බදුල්ල සහ මුතුර් ප්‍රධාන නගර හතරක් මුල් කරගෙන මෙම වාර්තා චිත්‍රපටය රූපගත කෙරිණි.