මුහුණ ජම්බු ගෙඩියක්

මැයි 25, 2023

කැමරා අධ්‍යක්ෂ සුජිත් නිශාන්තට පසුගිය දිනක හරි අකරතැබ්බෙකට මුහුණ දෙන්න සිදු වුණා. මෙය සිද්ධිය වුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී.

වී.සිවදාසන් විසින් අධ්‍යක්ෂණය කළ ‘දෙවෙනි යුද්ධය’ සිනමාපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුණේ එදිනයි. පැමිණ සිටි ආරාධිතයන්ට හා සිනමා පටයට සම්බන්ධ වුණු රංගන ශිල්පීන්ට සහ කාර්මික ශිල්පීන්ට චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් සිළුදැල්වීමට අවස්ථාව උදා වුණා.පැමිණ සිටි පිරිස Gas lighter එකෙන් පොල්තෙල් පහන් සිළු දැල්ලුවා. ඊළඟ අවස්ථාව හිමිවූයේ සුජිත් නිශාන්තටයි. ඔහු තමයි මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා. සියලු දෙනාම පහන්සිළු Gas lighter  එකෙන් දල්වද්දී. සුජිත් නිශාන්තට ගෑස් ලයිටරය දැල්වා ගැනීමට නොහැකිවුණා. පසුව ඔහු වෙන පහන් සිළුවකින් පහන්තිරයක් දල්වා පහන පත්තු කළා. එදා ඔහුට වුණු අකරතැබ්බය ජීවිතයේ කවදාවත් වෙච්ච නැති දෙයක් බවයි සුජිත් නිශාන්ත ඔහුගේ යහළුවන්ට කියා තිබෙන්නේ. මුළු ඇඟම දාහඩියෙන් තෙත්වෙලා මුහුණ ජම්බු ගෙඩියක් වගේ එදා රතු වුණා කියලාත් කියලා තියෙනවා. ඒ නිසා සුජිත් නිශාන්ත දකින දකින තැන කියනවාලු Gas lighter  එකක් ගෙන්න පහන්තිර දල්වන්න කියලා.