‘සඳ තනිවෙලා’ ඊ කෘතිය අන්තර්ජාලයට

මැයි 25, 2023

 

 

 

ජීවන්ත දයානන්ද විසින් සංස්කරණය කරන ලද ‘සඳ තනිවෙලා’ - වේදනාත්මක ස්වරානුස්මරණය කොළඹ එම්.ඩී ගුණසේන සමාගම විසින් දියත් කර ඇති ‘ගුරුළුගෝමි ග්‍රන්ථ ව්‍යාපෘතිය හරහා ඊ කෘතියක් ලෙස කියැවීමට අවස්ථාව දැන් ලැබී තිබේ.

සිංහල ගීත ක්ෂේත්‍රයේ අද්විතීය කුසලතා පළ කළ විශිෂ්ට සහ ජනප්‍රියම ගායනවේදියකු වන මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවාගේ ගායනවේදය මෙහිදී විමර්ශනයට ලක් කෙරේ.

මිල්ටන් ගේ ගායනවේදය අරබයා ලියවුණු ලිපි සමුහයකින්ද ගීත රචනාවලින් සහ ඡායාරුපවලින් සමන්විත වූ මේ කෘතිය මෙතෙක් මිල්ටන් අරබයා කිසිදු සාහිත්‍ය කෘතියක් බිහි නොවූ පසුබිමක ඒ අඩුව යම්තාක් දුරට පියවනු ඇත.